නව කොරෝනා ප්‍රභේදය ගැන WHO ගෙන් අනතුරු ඇඟවීමක්

නව කොරෝනා ප්‍රභේදය ගැන WHO ගෙන් අනතුරු ඇඟවීමක්

නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ලොව බොහෝ රටවල සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාධන් පවසයි.

මේ වන විටත් එම ප්‍රභේදයේ ආසාදිතයින් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයෙන් හඳුනාගෙන තිබේ.

ඉතාලියෙනුත් එක් රෝගියෙකු වාර්තා වී ඇතත්, එම ප්‍රභේදයේ වෙනස්කම් 17 ක් හඳුනාගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර දකුණු අප්‍රිකාවේ තවත් ප්‍රබේද තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි, නවතම වාර්තා අනාවරණය කළේ ය.

නව ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යට ජාත්‍යන්තර ගුවත් ගමන් අත්හිටවූ රටවල් සංඛ්‍යාව 40 ඉක්මවා තිබේ.

ඒ යුරෝපා සංගමය, පොදු ප්‍රතිපත්තියක් සඳහා සාකච්ඡා අරම්භ කිරීමත් සමගයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිකාර ප්‍රධානි මයික් රයන් ප්‍රකාශ කළේ, මෙය වෛරස පරිණාමයේ සාමාන්‍ය තත්ත්වයක් බවයි.

ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

මේ අතර ජර්මනියේ බයෝ එන්ටෙක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත්තේ, ෆයිසර් සමාගම සමග එක්ව නිෂ්පාදනය කළ කොරෝනා එන්නත නව ප්‍රභේදයට එරෙහිව ඵලදායි ප්‍රතික්‍රියා දක්වනු ඇතැයි, තමන් විශ්වාස කරන බවයි