විශ්‍රාම වැටුප් ඉල්ලා ජනපතිට ටෙලිමේල්

විශ්‍රාම වැටුප් ඉල්ලා ජනපතිට ටෙලිමේල්

හිමිකල විශ්‍රාම වැටුප යළි ලබාදෙන ලෙස බලකරමින් විශ්‍රාමිකයින් 135 000 ක පමණ පිරිසක් පසුගිය 15 වෙනි දින ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත ටෙලිමේල් පණිවුඩ යැවීමට කටයුතු කරන බව විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංධානයේ සභාපති යූ. පළිහවඩන මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පළිහවඩන මහතා පෙන්වා දෙන්නේ 2016 ජනවාරි 01දා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාළය තුළ විශ්‍රාම ගොස් සිටින පිරිසකට මෙම අසාධාරණය සිදුව ඇති බවයි.