ඊයේ (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බවත්එ සේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16) රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (12) මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා.
සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා කිසියම් අයකු නිවසින් පිටතට යන්නේ නම්, එසේ යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අංකයට අනුව යෙදෙන දිනයක දී (ඔත්තේ හෝ ඉරටේටේ) පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පසුගිය කොවිඩ් පළමු රැල්ල පැවැති සමයේ දී ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
‘‘රජය විසින් මේ තීරණය ගත්තේ හැකිතාක් දුරට සංචරණය සීමා කරමින් කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහායි. ඒ අනුව කිසියම් අයකුට නිවසින් පිටතට යා යුතු දිනය ඉරට්ටේ අංක සහිත දිනයක් නම්, එදිනට යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ (2-4-6-8 වශයෙන්) අංකයක් වන අයට පමණයි. එසේම යමෙකුට නිවසින් පිටතට යා යුත්තේ ඔත්තේ දිනදී නම් ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනිවාර්යයෙන්ම ඔත්තේ දිනයක් (1-3-5-7-9) විය යුතුයි. මෙහිදී ජාතික හැදුනුම්පතේ අවසාන අංකය බින්දුව වන අවස්ථාවක් ඉරට්ටේ අංකයක් ලෙස සලකනවා. මේ අනුව අදාළ දිනයේදී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා එක් අයෙකුට පමණක් නිවසින් බැහැරට යා හැකියි. හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී පමණක් විදෙස්ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකියි. එනිසා රාජකාරී සඳහා හෝ වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වෙනවා. අපි මේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා‘‘
මෙහිදී අත්‍යවශ්‍ය සේවා සදහා පළාත් අතර සංචරණය ගැන කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර හිමි වන බව පැවසුවා.
ඒ අනුව අවසර හිමිවන අත්‍යවශ්‍ය සේවාවන්,
