“ජන අරගල “ ප්‍රහාරයට අණ දුන් හා ප්‍රහාරකයින් වහාම අත්අඩංගුවට ගන්න - වෘත්තීය සමිති වලින් ඉල්ලීමක්

“ජන අරගල “ ප්‍රහාරයට අණ දුන් හා ප්‍රහාරකයින් වහාම අත්අඩංගුවට ගන්න - වෘත්තීය සමිති වලින් ඉල්ලීමක්

ගෝටාගෝගම හා මයිනාගෝගම නිරායුධ ජන අරගලයේ සිටි ජනතාවට, ආණ්ඩුව හා ආණ්ඩුවේ මැරයින් සැලසුම් කර එල්ල කළ ප්‍රහාරයට එරෙහිව දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අඛන්ඩව ක්‍රියාත්ම වේ.

රට තුළ මෙතෙක් පැවති සාමකාමීභාවය බිඳ දමමින් වත්මන් ආණ්ඩුවත්, ආණ්ඩුවේ මැරයිනුත් විසින් දියත් කළ නින්දිත හා අමානුෂික ප්‍රහාරයට එරෙහිව ඊයේ (09) දින සිට  රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවට අයත් සියලූම රාජ්‍ය ආයතන, දුම්රිය හා අර්ධ රාජ්‍ය මේ වන විට සියලු රාජකාරි වලින් ඉවත්ව සිටින බව වාර්තා වෙයි.

එම ප්‍රහාරය සැලසුම් කළ, ප්‍රහාරයට අණ දුන් හා ප්‍රහාරකයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තුරු මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වර්ජනයට නායකත්වය දෙන වෘත්තිය සමිති නායකයෝ වැඩබිමට පැවසීය.