කොරියාව පෙන්වා කෝටි දෙකහමාරක මුදල් ගැරූ කොරියානුවා මාට්ටු

කොරියාව පෙන්වා කෝටි දෙකහමාරක මුදල් ගැරූ කොරියානුවා මාට්ටු

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (2023.05.26) පෙරවරුවේ  කොට්ටාව ප්‍රදේශයේදී  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය. 

2022 වර්ෂයේ මෙරටට පැමිණ ඇති අදාල දකුණු කොරියානු ජාතිකයා, සිය පුත්‍රයා සතු කොරියානු කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි මත මොහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.