ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට නිර්නායක සකස් කරයි

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට නිර්නායක සකස් කරයි

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීම පිණිස 2023-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, පත් කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිතුමා; සහ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.