මොරොක්කෝ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි

මොරොක්කෝ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි

මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවා ගොස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව එයට වැඩිවිය හැකි බව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත.

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් වැඩි ම බලපෑමක් එල්ල වී ඇත්තේ, මරකේෂ් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශවලට ය.

එරට, හය වන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර ලබා දෙන ලෙසට නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිකුරාදා රාත්‍රියේ මෙම භූ කම්පනය හට ගෙන තිබුණු අතර ඉන් අනතුරුව පසුකම්පනයක් ද හට ගෙන තිබිණි.