යුක්‍රේනයේ කියෙව් නුවරට ඇඳිරිනීතිය

යුක්‍රේනයේ කියෙව් නුවරට ඇඳිරිනීතිය

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබේ. පැය 35ක් සඳහා එය බලපැවැත්වෙනු ඇති.

රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර පවතින සාකච්ජා වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් කරා පැමිණ ඇතැයි, යුක්‍රේන ජනාධිපති ව්ලෙදිමීර් සෙලෙන්ස්කි පවසයි.

රුසියානු හමුදාව කියෙව් අගනුවර අත්පත් කර ගැනීමට දරුණු සටනක යෙදී සිටින බවයි, වාර්තා වන්නේ.

අගනුවර නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පවතින තත්වය අතිශය අසීරු සහ භයානක මට්ටමක් කරා පැමිණ ඇති බවයි.

එම තත්වය සැළකිල්ලට ගනිමින් ඇඳිරිනීතිය බලාත්මක කරන බව ඔහු කියා සිටියි. රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය අවම කර ගැනීම මෙහි අරමුණයි.