ඇෆ්ගන් කතුන්ට සරසවිය තහනම්!

ඇෆ්ගන් කතුන්ට සරසවිය තහනම්!
ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයින් විසින්  තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
 
කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් බවත් ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින්  නිවේදනය කර තිබේ.
 
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේදී වන අතර ඒ සමඟම තලේබාන්වරුන් රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවන ලදී..
 
මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ ම්ලේච්ඡ  ෂරියා නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා ඇති අතර තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම්ය.
 

මේ කනගාටු දායක තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සිය කනස්සල්ල ප්‍රකාශයට පත් කර තිබේ.