චීනය කොවිඩ් නීති ලිහිල් කරයි!

චීනය කොවිඩ් නීති ලිහිල් කරයි!
චීනය විසින් සිය  දේශ සීමා නැවත වරක් වසර තුනකට පසු ජනවාරි 8 වැනිදා විවෘත කරන බව එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
 
මින් පසු චීනයට පැමිණෙන ජාත්‍යන්තර මගීන් නිරෝධායනය නොකරන බවත්,  පැය 48 ක කාලයක් තුළ ලබා ගත් කොවිඩ් රෝගය වැළඳී නොමැති බවට තහවුරු වූ පී.සී.ආර් වාර්තාව පමණක් ප්‍රමාණවත් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
 
දැනට පනවා ඇති චීනයේ සිට සිදුකරන ගුවන් ගමන් සීමාද,  ගුවන් ගමන් වල මගී ධාරිතාවය පිළිබඳ සීමාද ජනවාරි 8 වැනිදා සිට ඉවත් කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් කියැවෙයි.