කියුබාවේ වැඩ කරන ශ්‍රමිකයින්ට අහිමිවූ මැයි දිනය

කියුබාවේ වැඩ කරන ශ්‍රමිකයින්ට අහිමිවූ මැයි දිනය
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මැයි 1 වනදා පෙළපාලි නොපැවැත්වීමට කියුබානු ආණ්ඩුව තීරණය කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
වෙනදාට  හවානා  නගරයේ විප්ලවීය චතුරශ්‍රය මැයි 1 දා  ලක්ෂ ගණන් කියුබානුවන්ගේ පෙළපාලිවලින් පිරීයන නමුත්  මෙවර මැයි දින පෙළපාලි පැවැත්වීම අවලංගු කර තිබෙන්නේ එරට පවතින දැඩි ඉන්ධන හිඟය නිසාය. 
 
මේ නිසා ඉන්ධන ලබා ගැනීමට කියුබානු වැසියන්ට දින ගණන් පෝලිම්වල  ගත කිරීමට සිදුවී තිබේ
 
කියුබානු ජනාධිපති වරයා කියා තිබෙන්නේ රටට අවශ්‍ය ඉන්ධනවලින් 1/3ක් හිඟ බව මෙන්ම  කියුබාවට ඉන්ධන  සැපයීමට  ගිවිසුම් අත්සන් කර ඇති අය ඉන්ධන අඩුවෙන් සපයන බවයි.
 
කෙසේ වෙතත්, බලශක්තිය පිළිබඳ විශේෂඥයෙකු වන ටෙක්සාස් විශව විද්‍යාලයේ අධ්‍යක්ෂ ජෝර්ජ් පිඥෝන් කියන්නේ කියුබාවට ඉන්ධන සපයන වෙනිසියුලාවේ ඉන්ධන නිෂ්පාදනය අඩු වීම නිසා වෙනිසියුලාව විසින් කියුබාවට සපයන ඉන්ධන ප්‍රමාණය 50%කින් අඩු කර ඇති බවය.
 
මේ අතර කියුබ්වේ වෘත්තීය සමිති නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ මැයි දිනය ගම මට්ටමෙන් පාසල් මට්ටමෙන් පවත්වන බවය.
 
 ආර්ථිඅ අමාරුකම් නිසා පටි තදකරගෙන ලෝක කම්කරු දිනය සමරන බව ඔහු කියා තිබේ.
 
කියුබාවේ පවතින් දැඩි ආර්ථික දුෂ්කරත නිසා මැයි දිනයට සෙනග ගෙන්වා ගැනීමද දුෂ්කර වෙමින් තිබෙන බව ද, මේ නිසා සමරන්නට දෙයක් කියුබනුවනට නැති බවද වොෂින්ටන්  විශ්ව විදයාල මහාචාර්යවරයෙකු වන විලියම් ලියෝග්රෑන්ඩ් වාම පුවත් පතක් වන  The Guardian ට   ප්‍රකාශ  කර තිබේ