නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි (Djibouti) වෙරළට ඔබ්බෙන් 300 කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් ළමයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) ඉරිදා ප්‍රකාශ කළේය.
එම සංඛ්‍යාවට ඇතුළත් වන්නේ ජිබුටි හි බලධාරීන් විසින් මිහිදන් කරන ලද පුද්ගලයින් පමණි. තවත් පිරිසක් සංක්‍රමණිකයන් විසින්ම මිහිදන් කර ඇති අතර, බලධාරීන්ට එම සිරුරු තහවුරු කර ගැනීමට හැකි වන තෙක් ඔවුන් නිල ගණන් හැදීමට එකතු නොකරන බව ජිබුටි හි IOM හි ප්‍රධානී අලෙක්සැන්ඩර් කොයිසැක් (Alexandre Coissac) දුරකථනය ඔස්සේ AP පුවත් සේවයට පැවසීය.
“වඩාත්ම කනගාටුදායක කරුණ නම්, යුදමය තත්ත්වයකදී මෙන් කිසිදු නමක් නොමැතිව පොදු සුසාන භූමියක ඔවුන්ව මිහිදන් කිරීමයි."
ජිනීවා (AP)
