චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් - WHO ගෙන් අනාවරණයක්

චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් - WHO ගෙන් අනාවරණයක්

නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය දා චීන බලධාරීන් මුණගැසුණි. 

එහිදී චීනයේ රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් වෛරසයේ අනුප්‍රභේදයක් පමණක් බවයි.  

නමුත් චීනය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැබෑ දත්තවලට වඩා පහළ අගයකින් වාර්තා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් පවසා ඇත.

ගෝලීය සෞඛ්‍ය බලධාරීන් ද පවසන්නේ, චීනය එරට කොවිඩ් දත්ත වසන් කරන බවයි.