සේවා ස්ථානවලදී සේවකයින් බොහෝ කම්කරු ගැටළුවලට මුහුණ දෙන අවස්ථා සුලභ වෙන අතර යම් ලෙසකින් කම්කරු නීති හෝ සහන ලබා ගත හැකි ආකාර ගැන නොදැනුවත්කම නිසා එවැනි අවස්ථාවල සේවකයින්ට හිමි සහන ලබා ගැනීමට නොහැකිවී යන අවස්ථා ඇත.
කෙසේ වෙතත් බොහෝ කම්කරුවන් කම්කරු නීති හෝ කම්කරුවන් ලෙස ඔවුන්ට හිමි සහන ලබා ගැනීම ගැන නොදැනුවත් කම නිසා මහත් අසරණභාවයට පත්වෙන අතරම ඊට යම් සහනයක් ලෙස වැඩබිම අපි සේවාස්ථානයකදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු ගැන ලිපි පෙළක් මෙලෙස පල කිරීමට කටයුතු කළෙමු.
ඊට අදාළ ගැටළු හා පිළිතුරු ලිපි පෙළේ තුන්වන ලිපිය පහතින් කියවන්න.ඔබටත් යම් කම්කරු ගැටළුවක් ඇත්නම් එය අප වෙත යොමු කරන්න. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ මෙම ලිපියට ඔබේ ගැටළුව යොමුකළ හැකියි.
01.ගැටළුව :
සේවා ස්ථානයේදී සිදුවන අනතුරු සහ ඒ සම්බන්ධයෙන් පවත්නා කම්කරු වන්දි නීති තත්ත්වයන් මොනවාද?
පිළිතුර:
සේවා ස්ථානයේදී සිදුවන අනතුරු,
සේවකයාගේ නොසැලකිල්ල හෝ පළපුරුද්ද මදිකම
සේවායෝජකයා නිසි ආරක්ෂක විධි විධාන සපයා නොතිබීම.
ස්වභාවයෙන්ම අනතුරුදායක ක්‍රියාවල නිරතවීම
හදිසියේ සිදුවන අවාසනාවන්ත සිදුවීම් එකක් හෝ කිහිපයක් ක්‍රියාකාරීත්වය නිසා සිදුවිය හැකිය.
කම්කරු අනතුරකදී ලබාගත හැකි සහන ආකාර 02ක් වේ. එනම්,
පොදු නීතිය අනුව ප්‍රතිකර්ම ඉල්ලන සේවකයාට සේවායෝජකයාගේ නොසැලකිලිමත් (Negligence) හෝ වැරදි සහගත ක්‍රියා කලාපය නිසා අනතුර සිදුවූයේ යැයි ඔප්පු කල යුතු වේ. එලෙස සේවා යෝජකයා නොසැලකිලිමත් වූ බව ඔප්පු කල විටදී සේවකයා ද නොසැලකිලිමත් වූ බව ඔප්පු වූයේ නම් සේවකයාගේ සහය නොසැලකිල්ල නිසා ඔහුට ලැබෙන වන්දි මුදල අඩුවිය හැකිය. තවද සේවකයා ස්වේච්ඡාවෙන්ම අවදානම භාරගත් බව ඔප්පු වූ විටද සේවකයාට වන්දි ලබා ගැනීම අපහසු වේ.මේ යටතේ වන්දි නඩුවක් දිසා අධිකරණයේ පවරා අලාභ ඉල්ලා සිටීම පමණක් සිදුකල හැකිව තිබුණි.
නමුත් 1939 අංක 19 දරණ කම්කරු වන්දි ආ පණත සහ ඊට අදාල සංශෝධනයට අනුව සේවා ගිවිසුමක් යටතේ වන්දි පණතේ ප්‍රතිලාභ ලබාගත හැකිය.
02: ගැටළුව
කම්කරු වන්දි අඥා පණත යටතේ ප්‍රතිලාභ ලබාගත හැකි සේවකයින් කවුරුන්ද?
පිළිතුර :
මෙම පණතේ සුවිශේෂීත්වය වන්නේ රජයේ සේවකයින්, පෞද්ගලික අංශයේ සහ සංස්ථා මණ්ඩල අංශයේ සේවකයින් ආවරණය වීමයි.
නමුත් පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව යන අංශවල සේවකයින් මෙම වන්දි පණතින් ආවරණය නොවේ.
නමුත් මෙම ආයතනවල සිවිල් අංශයේ සේවය කරන අයට මෙම පණතේ ප්‍රතිලාභවලට හිමිකම් කිව හැකිය.
03 ගැටළුව:
කම්කරු වන්දි ආඥා පණතේ ප්‍රතිපාදන අනුව සහන ලබා ගැනීමට සේවකයා විසින් සපුරා ලිය යුතු කොන්දේසි කවරේද?
පිළිතුර :
කම්කරු වන්දි ආඥා පණතේ 03 වගන්තිය මගින් එකී තත්ත්වය පැහැදිලි කරයි. ඒ අනුව සේවකයෙකුට සේවා කාලය තුල සේවයේ යෙදී සිටියදී, සේවය නිසාම ඇතිවූ හදිසි අනතුරක් මගින් ශාරීරික හෝ මානසික වශයෙන් ඇතිවූ පෞද්ගලික පාඩුවක් සඳහා සේවායෝජකයා විසින් වන්දි ගෙවිය යුතුය.
එලෙස 3 වන වගන්තිය ප්‍රකාරව වන්දි ඉල්ලීමක් කිරීමේදී පහත අවශ්‍යතා එකවිට සපුරාලිය යුතුය.
ඒවා නම්,
මෙකී සියලුම කොන්දේසි සපුරාලයි නම් පමණක් සේවායෝජකයාව වන්දි ලබාදීමට යටත්කළ හැකිවේ.
04. ගැටළුව:
සේවායෝජකයාට කම්කරු වන්දි ගෙවීමෙන් වැලකී සිටිය හැකිද? එසේ නම් ඒ කුමන තත්ත්වයක් යටතේද?
පිළිතුර :
යම්කිසි අවස්ථාවලදී සේවායෝජකයාට වන්දි ගෙවීමෙන් වැලකී සිටිය හැකි අවස්ථා කම්කරු වන්දි ආඥා පණතේ දක්වා ඇත. එනම්,
සටහන -නීති නිලධාරී -ලිලන්ති කුමාරි
වැඩබිම
