ප්‍රවේශමෙන් - මැලේෂියා රැකියා 10000ට ජාවාරම්කාරයෝ වැහි වැහැලා

ප්‍රවේශමෙන් - මැලේෂියා රැකියා 10000ට ජාවාරම්කාරයෝ වැහි වැහැලා

මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ජනතාවට දැනුම් දෙයි.

මැලේසියාවෙන් මෙරටට හිමිව ඇති රැකියා 10,000 සම්බන්ධයෙන් දැනටමත් ජාවාරම්කරුවන් විවිධ සම්බන්ධතාවන් හුවා දක්වමින් අයැදුම්පත් සහ තොරතුරු එකතු කිරීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එලෙස මැලේසියාවේ රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කොපමණ මුදලක් අය කරනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා මැලේසියාවේ මානව සම්පත් ඇමතිවරයාගේ පැමිණීමෙන් පසුව ඒ සියල්ල තීරණය කෙරෙන බව සඳහන් කළේ ය.

ඒමෙන්ම මෙරටට ලැබෙන මැලේසියානු රැකියා 10,000 සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයන්ට, මැලේසියානු ජාතිකයින්ට හිමි සියලු කම්කරු වරප්‍රසාද හිමි වන බවත්, මැලේසියාවේ අනුමත අවම වැටුප්ට වඩා වැඩි වැටුපක් හිමිවන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.