ගාසා තීරයේ රැදී සිටි ලාංකිකයින් 11ක් මව් රටට

ගාසා තීරයේ රැදී සිටි ලාංකිකයින් 11ක් මව් රටට

පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු  ඊයේ (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ , කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ .

ඉන්පසුව කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් දින අලුයම 02.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

 මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් , ඉතිරි 09 දෙනා ළමුන් බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .