විදෙස්ගත ලාංකිකයින්ට සුබ ආරංචියක් -මෙන්න අලුත්ම නිවේදනය!

විදෙස්ගත ලාංකිකයින්ට සුබ ආරංචියක් -මෙන්න අලුත්ම නිවේදනය!

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට සැලසුම්සහගතව යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වාගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් 12 වන දා සිටි අත්හිටුවනු ලැබූ අතර මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ක්‍රමයෙන් වර්ධයනය වීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවිය.

කෙසේ නමුත් මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

තවද විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතු බවත් ඒ මහතා සිහිපත් කරන ලදී.

වැඩබිම