දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට සුභ පණිවුඩයක්

දකුණු කොරියානු ශ්‍රම වෙළඳපොලෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව එරට ජාතික සභාවේ කතානායක පාක් බියෝන්ග් – සියෝග් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පවසා තිබෙනවා.

ඒ පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේදීයි.

මේ වනවිට දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 22,000කට ආසන්න පිරිස ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙන බවද දකුණු කොරියානු කතානායකවරයා එහිදී පැවසුවා.

රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහය ලබා දෙන බවත් ඒ සඳහා ආධාර ලබාදීමටද එකඟතාවය පළ කරන බවත් දකුණු කොරියානු කතානායකවරයා එහිදී සඳහන් කළා.

ආසියාවේ කෙන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුල පුළුල් අවකාශයක් පවතින බව ජනාධිපතිවරයා එහි දී කියා සිටියා.

එම අවස්ථා උදාකර ගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ, සමාගම් දිරිගන්වන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.