විදෙස්ගත ශ්‍රමිකයින් එවන මුදල් තවත් අඩුවෙලා

විදෙස්ගත ශ්‍රමිකයින් එවන මුදල් තවත් අඩුවෙලා
විදේශගත  ශ්‍රමිකයින්  හරහා මෙරටට ගලා එන මුදල්  ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
 
ඉකුත් වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3324.4 ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබී තිබුණු අතර මෙම වසරේ පළමු මාස 6 තුළ එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1609.9 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.