සියළුම ගුවන් මඟීන්ට රේගුවෙන් විශේෂ නිවේදනයක් -මෙවැනි වැරදි කලොත් ඔබ අමාරුවේ

සියළුම ගුවන් මඟීන්ට රේගුවෙන් විශේෂ නිවේදනයක් -මෙවැනි වැරදි කලොත් ඔබ අමාරුවේ

ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති භාණ්ඩ ගමන් මළුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් රේගු උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥාා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

ගුවන්තොටුපළ හෝ භාණ්ඩ ආනයනය කරන විවිධ ආයතන හරහා ගෙන එන එවැනි භාණ්ඩ රාජසන්තක කිරීම සහ දඩ පැනවීම කරන්නේ යැයි කියන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහනම් භාණ්ඩ නීතිවිරෝධි රටට ගෙන ඒම ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.