කතක් හොරෙන් රට පන්නන්න තැත්කල තැරැව්කරු අත්අඩංගුවට

කතක් හොරෙන් රට පන්නන්න තැත්කල තැරැව්කරු අත්අඩංගුවට

සංචාරක වීසා මගින් කාන්තාවක් ඕමාන් රාජ්‍යයේ ගෘහ රැකියාවක් සඳහා යැවීමට තැත් කල තැරැව්කරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගිය 07 වන දින කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සමන්තුරේ කාරේතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස විදේශගත කිරීම සදහා අත්අඩංගුවටගත් සැකකරු සහ තවත් තැරව්කරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇති අතර, මෙම කාන්තාව තැරව්කරුවන් අතින් අතට මාරුකරමින් මෙම නීතිවිරෝධි ක්‍රියාව සිදුකර ඇත. මෙම මස 7 වන දින මෙම කාන්තාව ඕමාන් රාජ්‍යයට විදේශගත කිරීම සඳහා ගුවන්තොටුපලට රැගෙනගොස් අදාල තැරැව්කරු ලබාදුන් උපදෙස් අනුව ගුවන් තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරින් මගහැර ගුවන්තොටුපලට ඇතුළු වීමට උත්සහ කරන අවස්ථාවේදී ආරක්ෂක නිළධාරීන් හා කාර්යාංශ නිලධාරින් ඇයගේ ලේඛන පරීක්ෂා කිරීමේදී සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යට යාමට උත්සහ දරණබව අනාවරණය කරගෙන ඇත. ඉන්පසු ඇය ඒ සඳහා අනුබල දුන් තැරැව්කරුද පෙන්වා ඇති අතර, පසුව  විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිළධාරීන් විසින් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලදී.

විදේශ සේවා විමර්ශන නිළධාරීන් මෙම කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගෙන මුදාහැර ඇති අතර, අදාල සැකකරු 08 වන දින මීගමුව මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලදී. වැඩිදුර නඩු විභාගය සඳහා අගෝස්තු මස 08 වන දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. මිට සම්බන්ධ තවත් තැරව්කරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භකර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ සේවයේ නියුතු කාර්යමණ්ඩලය මේ අයුරින් නීති විරෝධි ලෙස රැකියා සඳහා විදේශ ගතවන පුගලයින් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර, කාර්යාංශය භාරයට ගනු ලබන සැක කටයුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීම විදේශ සේවා විමර්ශන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.  මෙම වසරේ ජනවාරි මස 1දින සිට මේදක්වා කාලසීමාව තුල මෙලෙස නීති විරෝධි අයුරින් රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ දැරූ පුද්ගලයින් 9දෙනෙකු සහ ඊට අනුබල දුන් එක් තැරව්කරුවෙකු ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්තිකාර්යාංශ පනතේ 2009 අංක 56 දරණ  සංශෝධනයෙන් කාර්යාංශ නිලධාරීන්හට සේවා නියුක්තිය සඳහා විදේශ ගතවන පුද්ගලයින්ගේ ලේඛණ පරික්ෂාකිරීමට බලය හිමිවී ඇත.

රැකියා සඳහා විදේශගත වීමේදී විවිධ අතරමැදි පුද්ගලයින්ට මුදල් සහ විදේශ ගමන් බලපත්‍ර ලබානොදෙන ලෙසත්, නිත්‍යානුකුල මාර්ගවලින් පමණක් විදේශ ගතවන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි