නීති විරෝධී අයුරින් විදෙස්ගත වෙන්න එපා - ඔබ අමාරුවේ

නීති විරෝධී අයුරින් විදෙස්ගත වෙන්න එපා - ඔබ අමාරුවේ

ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්‍ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ ඊයේ (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 217 දරණ ගුවන් යානයෙන් දෝහා වෙත පිටත්ව යෑමට නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකයක් මත ගුවන් සේවය අදාළ තරුණයා දේශසීමා ආවේක්‍ෂණ ඒකකයට යොමු කර ඇත.

 ඉන් අනතුරු ඔහුගේ ගමන්මළු පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සහ මාලදිවයිනට යෑමට ව්‍යාජ ලෙස සකස් කළ වෙනත් ගුවන් සමාගම ගුවන් ටිකට් පතත් සොයාගත් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.

එම ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රය ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්‍ෂ 40 ක මුදලක් ගෙවා සකස් කරගැනීමෙන් පසුව ගුවන් තොටුපළ අසළදී අද පස්වරුවේ එය ඔහුට ලැබී ඇති බවත්, ඔහු එම ගුවන් ගමන් බලත්‍රයෙන් නිෂ්කාශන කටයුතු අවසන් කර ඔහුගේ නීත්‍යානුකූල ශ්‍රී ලංකාව ගමන් බලපත්‍රයෙන් ආගමන විගමන කටයුතු කිරීමට සැළසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ උස්ස නිලධාරියෙක් ‘වැඩබිම’ට සඳහන් කළේය.

අදාළ පුද්ගලයා ප්‍රශ්න කිරීමෙන් පසුව ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරදීමට නියමිත බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීයා අවධාරණය කළේය.