ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයින්ගේ රැකියා සිහිනය සැබෑ වෙයි

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයින්ගේ රැකියා සිහිනය සැබෑ වෙයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 කට සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථාව හිමිවූ 32 කට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුවන් ප්‍රවේශපත් ඊයේ (26) පිරිනැමීය.

ඊශ්‍රයාලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා 642 ක් ද, නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා කණ්ඩායම් 1,102 ක් පිටත්ව ගොස් ඇති බවත් මෙම වසරේ පමණක් 268 කට එම ක්ෂේත්‍රයේ රැකියා ලැබී ඇති බවත් අමාත්‍යවරයා කීය.