කැනඩාව බලා යන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්!

කැනඩාව බලා යන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්!

පසුගියදා කැනඩාවේ ඔටාවා නුවරදී එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගනිමින් කැනඩාවට යන ශ්‍රී ලාංකිකයින්ට කිසිදු තහනමක් පනවා නොමැති බව කැනඩා රජය පවසනවා.

එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සන්නදහන් කර තිබෙනවා.

ඒ අනුව ලැබෙන සියලුම අයදුම්පත් සාමාන්‍ය පරිදි සලකා බැලීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂකවරයා පැවසුවේ.