හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි - විදේශ කටයුතු අමාත්‍යංශය

හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි - විදේශ කටයුතු අමාත්‍යංශය

හයිටි රාජ්‍යයේ  ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින අතර මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවත් ඔවුන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවත් එම සමාගම් තහවුරු කර තිබෙන බව විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හයිටි රාජ්‍යය වෙත ප්‍රතීතනය කර ඇති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන්  අදාළ සමාගම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත්,විදේශ කටයුතු අමාත්‍යාංශය හයිටි රාජ්‍යයේ මේ වන විට පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.