ඊශ්‍රායලයට නැවතත් ගුවන් ගමන් අරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තනාපති පවසයි

ඊශ්‍රායලයට නැවතත් ගුවන් ගමන් අරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තනාපති පවසයි

ඉරාන මිසයිල ප්‍රහාරය හේතුවෙන්  ඊශ්‍රායලය දක්වා පැමිණීම  තාවකාලිකව නැවතා දමා  තිබු වාණිජ ගුවන් යානා නැවත ආරම්භ කිරීමට බොහෝ ගුවන් සමාගම් කටයුතු කර තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මුහුණ පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලටත්, ඊශ්‍රායලයේ  සිට ශ්‍රී ලංකාවටත් පැමිණීමට බලාපොරොත්තුවන  පිරිස් තම ගුවන් ගමන් ඒජන්තවරයාගෙන්  අදාළ ටිකට්පත්වල නැවත ගමන් වාරයන් පිළිබඳව විමසිය හැකි බව එම සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.