යුක්රේනයේ ශ්‍රී ලංකා යුද සිරකරුවෝ - සරෝජ් පතිරණ

යුක්රේනයේ ශ්‍රී ලංකා යුද සිරකරුවෝ - සරෝජ් පතිරණ

රුසියානු හමුදාවට බැඳුණ විශ්‍රාමික ශ්‍රී ලාංකික සොල්දාදුවන් විශාල පිරිසක් තවමත් අතුරුදහන්වෙලා ඉන්න නිසා ඒ අයගේ ඥාතීන් තවමත් හිතන්නේ ඒ සමහරු යුක්රේනයේ අත් අඩංගුවේ ඉන්නවා වෙන්න පුළුවන් කියල.

පේන බලන්න ගියපු සමහරු කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා, පුතා, ඥාතියා රහසිගත තැනක රඳවාගෙන ඉන්නවා කියල පේන කාරය කියපු බව.

නමුත් යුක්රේනයෙන් ලැබෙන නිල ආරංචිවල හැටියට යුක්රේන අත් අඩංගුවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් විතරයි.

ඒ අට දෙනාගේ නම් ඔවුන්ගේ පවුල්වල අය දැනටමත් දන්නවා. ඒ අතරින් දෙන්නෙක් ඉන්නේ එකම කඳවුරක. ඔවුන්ගෙන් සමහරෙක් රතු කුරුස සංවිධානය මාර්ගයෙන් දැනටමත් තමන්ගේ පවුල් එක්ක ලිපි හුවමාරු කරගනිමින් ඉන්නවා. තවත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙක් යුක්රේන හමුදාවට බැඳිලා ඉන්නවා. ඔවුන් 13 දෙනා හැරුණු කොට මම දන්නා තරමින් යුද්ධයට බැඳුණ වෙනත් කිසිම ශ්‍රී ලාංකිකයෙක් යුක්රේනයේ නැහැ.

යුක්රේනයෙන් ලැබෙන ආරංචිවල හැටියට රුසියානු හමුදාවට බැඳුණ විදේශිකයින් 100ක් විතර යුක්‍රේන අත් අඩංගුවේ ඉන්නවා. ඒ අතරින් ඉන්දීය තානාපති නිළධාරීන් අත් අඩංගුවේ ඉන්න ඉන්දීය සිරකරුවන් හමුවෙන්න ආපු බවත් මට දැනගන්න ලැබුණ. සිරකරුවන් නිදහස් කරගැනීම ගැන සමහර රටවල් යුක්රේනය එක්ක සාකච්ඡා කරන බවත් වාර්තා වෙන්ව. නමුත් මේ සිරකරුවන් පිරිස නිදහස් කරගන්න ශ්‍රී ලංකා ආණ්ඩුව යුක්රේන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරපු බවක් දැනගන්න නැහැ. 

saroj pathirana

| සරෝජ් පතිරණ