විදේශ රැකියා ක්ෂේත්‍රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්‍ර දැක්කම හැකියාව ලැබුණා - වැ.බ.අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර
විදේශ රැකියා ක්ෂේත්‍රය ගොඩනැගුනේ අර්බුධයක ප්‍රතිඵලයක් විදිහටයි. මමත් අවුරුදු එක හමාරක කාලයක් තුළ බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව එළියේ සමාජයේ තියෙන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. විදේශ රැකියාවට යන එක ඒ ඒ අයගේ අයිතිය. විදේශ රැකියාවට යන ශ්‍රමිකයින්ට අවශ්‍ය සුබසාධනය හා අනෙකුත් පහසුකම් සපයන එක රජයක වගකීමයි. වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ විගමනික ශ්‍රමිකයන්ගේ දුදරුවන්ගේ කලා කුසලතා එලිදක්වමින් පැවති “අපි අපේ ලෝකය පාටකරමු” සිතුවම් ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි. එය (5/26) දින සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ ජේ.ඩි.ඒ පෙරේරා ශාලාවේදි පැවැත්විණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැකුවු නියෝජ්‍ය අමාත්‍යවරයා, “ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කමිටුවේදී එක් ගැටළුවක් ආවා, ළමයින්ට විවිධ ගැටළු ඇතිවෙන නිසා මව්වරුන් විදේශ රැකියා සඳහා යොමුකරන එක නතර කරන්න කියලා. ඒක විසඳුමක් නෙවෙයි. රජයක් විදිහට අපි අදාළ ගැටළු සඳහා විසඳුම් සෙවිය යුතුයි. මේ ක්ෂේත්‍රය අපි ආරක්ෂා කරගත යුතු ක්ෂේත්‍රයක්. ඒ වගේම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු දෙනාගේ පවුලේ ශ්‍රමිකයින් ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා”.
සංක්‍රමණික මනෝවිද්‍යාව කියලා මනෝවිද්‍යාවේ විෂයක් තියෙනවා. පසුගිය මැදපෙරදිග අර්බුධ සමයේ ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා. නොයෙක් රටවල් ගුවන් කලාප වහලා තිබුණත්, අපි රටක් විදිහට අදාළ රටවලට යවන එක නතර කළත් ඒ ඒ යුධ කලාපවලට පවා යන්න දෙන්න ඉල්ලීම් කළා. මෙවැනි අර්බුධ තත්ත්වයන් තුළත් රටක් විදිහට අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට විශාල දායකත්වයක් දෙන්නේ විගමණික ශ්‍රමික ප්‍රේෂණ. මේක සුන්දර ක්ෂේත්‍රයක් නෙවෙයි. දුක වේදනාව පිරුණු ක්ෂේත්‍රයක්.
මේ ක්ෂේත්‍රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්‍ර දැක්කම හැකියාව ලැබුණා. දැනට තියෙන තත්ත්වයට වඩා පියවර කිහිපයක් ඉදිරියට අරන් යන්න අපි කැපවීමෙන් වැඩකරනවා. විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඒකාබද්ධ වෙලා තියෙන නිසා ඒ කටයුතු අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙනවා. විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් සලසන සුභසාධන පහසුකම් ගත්තොත් නව ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් සුබසාධන පහසුකම් පුළුල් කරලා තියෙනවා.
ඒ වගේම තාක්ෂණික දියුණුවත් සමග දරුවන් ස්මාර්ට් දුරකථනවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ පිලිබඳවත් ඉදිරියේදී සොයාබලා කටයුතු කරන්න අපේක්ෂා කරනවා.
මෙම අවස්ථාවට සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති ආචාර්ය අයි.එම්.ටී.ඉලංගසිංහ, කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන අනුර ලියන්වල, ගාමිණි සෙනරත් යාපා, ඒ.කේ.යූ. රෝහණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

