මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (ජූලි 30) යෙදී තිබෙනවා.
මිනිස් වෙළඳාමට ගොදුරු වූවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට සහ මෙම ගෝලීය ගැටලුවට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් මෙම දිනය වෙන් වී තිබේ.
මිනිස් වෙළඳාම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අපරාධයට ලක්වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මෙම ගෝලීය උවදුර මැඩපැවැත්වීමට රටවල් අතර එකමුතුව ඇති කිරීම යන අරමුණු පෙරදැරිව මෙම දිනය නම්කර තිබේ.
මෙම දිනය, 2013 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කරන ලදී.
ශ්‍රී ලංකා පොලීසිය විසින් ද අදට යෙදෙන මෙම දිනය පිළිබඳ දැනුවත් කරමින් මුහුණුපොත වෙත සුවිශේෂී සටහනක් එක්කර තිබේ.
‘
(srilankamirror.com)
