ඡන්දය විදේශගත සිටින ඔබගෙත් අයිතියකි - “සැමට පූර්ව ජන්ද භාවිතයේ ශ්‍රී ලාංකේය ආකෘතිය හඳුනාගැනීම“

Voting-rights

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ නායක හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ සංකල්පයක් ඔස්සේ පර්යේෂිත ග්‍රන්ථයක් වන ''පූර්ව ජන්ද භාවිතයේ ශ්‍රී ලාංකේය ආකෘතිය හඳුනාගැනීම: ජන්ද භාවිතය සඳහා පහසුකම් අවම, සුදුසුකම් ලත් දේශීය ජන්දහිමියන්ගේ ජන්ද භාවිතය සඳහා උචිත විකල්ප ජන්ද ක්‍රම හඳුනාගැනී ම පිළිබඳ අධ්‍යයනය'' එවීමට හැකිය. 

කර්තෘ :මංජුල ගජනායක , ප්‍රකාශනය:සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

අන්තර්ගතය: සෑම ජන්ද විමසීමකදීම පහසුකම් අවම වීම හේතුවෙන් තම ජන්දය භාවිත කිරීමට නොහැකි වන පිරිස් නිශ්චිතව හා සංඛ්‍යාත්මකව හඳුනාගෙන ඇත.

ජාත්‍යන්තර පරිචයන් හා දේශීය භාවිතයන් අතර පවත්නා සමානකම් හා ප්‍රායෝගිකත්වය විමසා ඇත.

මැතිවරණ ඉතිහාසය හා මැතිවරණ කළමනාකරණ ආයතනයක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා කොමිෂන් සභා ත්‍රිත්වයෙහි අතීතය සහ වර්තමානය පිළිබඳ සංක්‍ෂිප්ත පර්යාලෝකනයක් සහිතය (එපමණක් නොව අප මැතිවරණ ඉතිහාසයේ අන්තර්කරණමය භාවිතාවේ හැඩතල ද තියුණු විමසුමට ලක්කොට ඇත). 

මෙම කෘතිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කියැවිය හැකි අතර එය පසුගිය 03 වැනි අඟහරුවාදා දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහත්මාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙක් හිටපු සභාපතිවරුන් දෙදෙනාගේ මෙන්ම දේශපාලන අධිකාරියේ හා සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී එළිදැක්විණි. ඒ සඳහා ඇරයුම් කරන ලද්දේ පැෆ්රල් සංවිධානයයි.

මෙහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය වන්නේ නම් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා අමතන්න (ජංගම දුරකථනය :+94 77 775 1092)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image