ශ්‍රී ලාංකිකයන්ට තායිලන්ත වීසා නිදහස් කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්ත වීසා නිදහස් කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

තායිලන්ත හා ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා  වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කෙරේ. ගිවිසුම හුවමාරු කර ගැනීම ඊයේ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සිදුවිය. ඒ ජනාධිපති කාර්යාලයේදීය.

ගිවිසුම දෙරටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ව්‍යාපාරික  සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට ද මහත් පිටිවහලක් වනු ඇති බව තායිලන්ත නියෝජ්‍ය  අගමැතිවරයා පෙන්වා දුන්නා. දෙරට අතර වෙළෙඳ ,ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික හා විදේශ රැකියා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද දෙරටෙහි අවධානය යොමු කර තිබේ.

තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සුබ සාධනය පිළිබඳවද සිය රටෙහි පුරවැසියන්ට සලකන ආකාරයෙන්ම විදේශිකයන්ටද එකසේ සලකන බවයි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. මේ අවස්ථාවට තායිලන්තය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද සම්බන්ධ විය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image