C189 සහ C190 ගැන ප්‍රොටෙක්ට් සංගමය ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සාමාජිකයන් දැනුවත් කරයි

C189 සහ C190 ගැන ප්‍රොටෙක්ට් සංගමය ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සාමාජිකයන් දැනුවත් කරයි
කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට සිදුවන සියලු ම ආකාරයේ හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් සමාජයෙන් මුලිනුපුටා දමන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (දෙසැ 21) පස්වරුවේ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.  එහි දී එම දැනුවත් කිරීම් සඳහා ප්‍රොටෙක්ට් සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් කල්ප මධුරංග සහ සහයෝගිතා සංවිධානය නියෝජනය කරමින් එහි ව්‍යාපෘති නිලධාරිනී යෝගේෂ්වරී මහත්මිය ද සහභාගී විය.
 
එහි දී කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට සමාජයේ දී සහ වැඩබිමේ දී සිදුවන සියලු ම ආකාරයේ හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් මොනවාද ? ඒවා අවම කර ගන්නේ කෙසේ ද? එවැනි හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහි වීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කර ඇති සම්මුතීන් මෙරට දී ප්‍රායෝගිකත්වයට නගන්නේ කෙසේද?  යන්න පිළිබඳව සහභාගිවූවන් දැනුවත් කරන ලදි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මත C190 ප්‍රඥප්තිය මෙරට අපරානුමත කිරීමත් ඉන් නොනැවතී කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සංවිධානය වීමේ වැදගත්කම ද මෙහි දී පෙන්වා දෙන ලදි.
 
ඊට අමතරව ගෘහස්ථ සේවකයන්ට ශිෂ්ට රැකියාවක් උරුම කර දීම සඳහා වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මත C189 සම්මුතිය මෙරට අපරානුමත කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහි දී ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග විසින් සහභාගි වූවන් දැනුවත් කළ අතර C189 සහ C190 යන සම්මුතීන් මෙරට තුළ අපරානුමත කර ගැනීමේ ක්‍රියාවලියට සංවිධානය වීමට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගම් සාමාජිකයන්ට ද ආරාධනා කළේය.
 
 DSCF5271
 

DSCF5271

 

DSCF5281

 

DSCF5349