ජෝර්දානයේ ලාංකික ඇඟලුම් සේවකයන්ගේ ඛේදවාචකය

ජෝර්දානයේ ලාංකික ඇඟලුම් සේවකයන්ගේ ඛේදවාචකය

මේ වන විට ජෝර්දාන් අල්කරන් හි කැමල්  වෙගා ඇඟලූම් ආයතනයේ  750 කට ආසන්න ලාංකික සේවක පිරිසක් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටී.   පසුගියදා ලාංකීය තානාපති කාර්යාලය සමඟ මෙම ගැටළුව විසඳා ගැනීමට සේවකයන් ගත් උත්සාහයේ අවසාන ප්‍රතිඵලය වූයේ, ජෝර්දාන් පොලීසියෙන් බැටන් පොලු ප්‍රහාරයකට හා කඳුළු ගෑස් ප්‍රහාරය ට  එල්ලවීම ට සිදුවීම යි.

ජෝර්දානයේ තානාපති  කාර්යාලයේ නිලධාරීන් විසින් ඉතා අත්තනෝමතික ලෙස සහ පක්ෂග්‍රාහී ලෙස මෙම සේවකයන්ගේ ගැටලුව නොසලකා හැරි බව සේවකයන් විසින් මේ වන විට ප්‍රකාශ කර සිටියි.  මෙම සේවකයන් විසින් ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත කරන ලද ඉල්ලීමට අනුව එම නිලධාරීන් මෙම සේවකයන් සිටි ස්ථානයට පැමිණ ඇති අතර ආයතන  ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් සේවකයන් සමඟ  සාකච්ඡා නොකොට ඉවත්ව යෑමට උත්සාහ කිරීමේදී.

සේවකයන් මෙම නිලධාරියා සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන ඇත. නමුත් සේවකයන් පවසන ආකාරයට එම නිලධාරියා විසින් සේවකයන්ට කිසිත් පවසා නැති අතර ඔවුන්ගේ මෙම ගැටලුව නිරාකරණය කිරීමට ගතවන දින වකවානුවක් පිළිබඳ හෝ  ප්‍රකාශ කර නැත .   අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් දුරකථනයෙන් ජෝර්දාන් පොලිසිය අමතා ඔවුන් ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් පැමිණි පළමු අවස්ථාවේදී මෙය  සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස දැනුම් දී පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත .

නමුත් අනතුරුව දෙවනුව ද තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් නැවත  වරක් දුරකථනයෙන් පොලිසිය හා සම්බන්ධ වී ඔවුනට එතනට පැමිණෙන ලෙස ඉල්ලීම් කර ඇත. අනතුරුව ජෝර්දාන් පොලිස් පොලිසිය නැවත වරක් එතනට පැමිණි ඇති  අතර ඔවුන් පැමිණි පසු එම නිලධාරීන් තම නිල රථයට ගොඩ වීමත් සමඟම මෙම සේවකයන් ට  පහර දෙන ලෙස ජෝර්දාන් පොලිසියට ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශයත් සමග ක්‍රියාත්මක වූ ජෝර්දාන් පොලිසිය මෙම සේවකයන්ට ඉතා අමානුෂික ලෙස පහර දී ඇත.

එමෙන්ම ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ට දිනකට එක් ආහාර වේලක් පමණක් ආයතනය විසින් ලබා දෙනු ලබන අතර සමහර දිනවල පමණක් ආහාර වේල් දෙකක් ලබාදෙන බව ඔවුන් පවසයි . එම ආහාර වේල ද කිසිදු පෝෂණය ගුණයකින් සමන්විත නොවන එක වෑන්ජනයක් සමඟ බත් ටිකක් පමණක් බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.  එයට ආධාර අදාළ පින්තූර ඔවුන් මේ වන විට අප සමඟ බෙදා හදා ගෙන ඇත.  අප සියලු දෙනා  දන්නා පරිදි තානාදිපති කාර්යාලය විසින් මෙම සියලු ගැටලුවලට  පිළියම් යෙදූ බව ට  නිල නිවේදන නිකුත් කළ ද සේවකයන්ට මෙම ගැටළුවට කිසිදු පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති බව මේ මොහොතේ ද ඔවුන් ප්‍රකාශ කර සිටී.

මෙම සේවකයන් CK , UA, Polo , Gap  යන ඉතා ප්‍රසිද්ධ සන්නාමකරුවන් හට තම නිෂ්පාදන කටයුතු සිදු කළ බව ප්‍රකාශ කරන අතර එමෙන්ම එම සන්නාම කරුවන් ද මේ වන තෙක් කිසිදු මැදිහත්වීමක් මෙම ගැටළුව සඳහා සිදුකර නොමැති බව ඔවුන් ප්‍රකාශ කර සිටී.

අශීලා දන්දෙනිය