සංචාරකයින් ගේන මුදල්වලටත් ආණ්ඩුවෙන් පොල්ලක් ! - Sandeshaya by Saroj

කාලෙකට පස්සේ පහුගියදා ලංකාවට එනකොට ප්ලේන් එකේ විදේශිකයෝ ගොඩක් හිටිය. මුළු ෆ්ලයිට් එකම එහෙම පිටින්ම පිරිලා. සමහරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ගනිපු ශ්‍රී ලාංකිකයෝ.

ඒ කියන්නේ සංචාරකයෝ ආයෙත් ලංකාවට එන්න පටන් අරගෙන.

කොවිඩ් වසංගතය නිසා රට, රටවල ඇවිදින්න බැරිවෙලා කොටුවෙලා හිටපු සංචාරකයෝ ලංකාවට එන්න පුළුවන් වීම ගැන කතා කලේ සතුටෙන්.

පහුගිය අවුරුදු 10 ක් විතර හැම ජනවාරි මාසෙම ලංකාවට ආවත් ගිය අවුරුද්දේ එන්න බැරිවීම ගැන එක බ්‍රිතාන්‍ය කාන්තාවක් කතා කලේ බොහොම දුකෙන්. ඒත් දැන් එයත් සතුටෙන්.

ඇත්තටම සංචාරකයින් ආයෙත් ලංකාවට එන එක බින්දුවටම කඩා වැටුන සංචාරක කර්මාන්තයට ලොකු හයියක්.

Airport එකේදී මුණගැහුන සමහරු කිවුවේත් ගිය මාසේ විතරක් ලක්ෂ දෙකක් විතර සංචාරකයෝ ආව කියල.

පවුමකට බැංකුවල රු. 266.02 යි : පිට රු. 325 ක් !

සූට්කේස් ටික එකතුකරගෙන custom එක හරහා එලියට එනකොටම තියෙන්නේ බැංකු ටික. එතනින් තමයි සල්ලි ටිකක් මාරු කරගන්න පුළුවන්.

මමත් බැංකුවකට ගිහින් rate එක කීයද බැලුව. බ්‍රිතාන්‍ය පවුමකට රුපියල් 266.02 දෙනවා.

මට පුදුම හිතුන. ඊට කලින් දවසේ ලන්ඩන්වල money exchange එකකින් ඇහුවම කිවුවේ පවුමකට රුපියල් 314 ක් දෙන්නම් කියල.

මොනවා කරන්නද? ලන්ඩන්වලින් මාරුකරගත්තේ නැති නිසා බැංකුවෙන් පවුම් ටිකක් මාරු කිරීම ඇරෙන්න කරන්න දෙයක් තිබුනේ නෑ

"ලංකාවේ පාස්පෝට් ද? ලංකාවේ පාස්පෝට් එකට රුපියල් 279 ක් දෙනවා."

බැංකුවේ නිලධාරියා මට කිවුව.

මේ සේරම ඇහුවම, දැක්කම මට ඇතිවුනේ ලොකු කන්සල්ලක්.

මේක ඇත්ත නෙමෙයි කියල මම වගේම මේ රටේ ආණ්ඩුවත් දන්නවා. මේක ආණ්ඩුව කෘතිමව හදපු රේට් එකක්.

ඒත් 77 ඉඳල ලංකාවේ තියෙන්නේ විවෘත ආර්ථිකයක්ලු.

මම මාරු කරගත්තේ ඒ වෙලාවේ මට අවශ්‍ය පවුම් ටිකක් විතරයි. මොකද මේක අතිශය පහත් ගසා කෑමක් නිසා.

එලියට ඇවිත් හොයල බැලුවම රට පුරාම තැන්වල පවුමට රුපියල් 320ක්, 325 ක් විතර ලැබෙනවා.

ඒ කියන්නේ මේ රටේ ආණ්ඩුව ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කරගන්න උත්සහ කරන අතරේ,  රටට විදේශ විනිමය අරගෙන එන ලාංකිකයින්ගෙන් වගේම සංචාරකයින්ගෙන් එක පවුමකින්, එක ඩොලර් එකකින් රුපියල් 40ක් විතර ගසා කනවා.

අඩු ගානේ බැංකුවලින් පිටත මෙහෙම රේට් එකක් තියෙනව කියල මම දැනගෙන හිටිය. ඒත් සංචාරකයෝ?

අපි හැමෝම දන්නවා අද රට මුහුණ දීල ඉන්නේ අතිශය බරපතල ආර්ථික අර්බුදයකට.

ආර්ථික විශේෂඥයින් කියන්නේ රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න කියල.

එහෙම තියෙද්දිත් මේ ප්‍රශ්නය විසඳන්න යාන්තමින් හරි පිටුවහලක් වෙන්න පුළුවන් මිනිස්සුන්ට මේ විදියට සලකන්නේ ඇයි ?

පිටරට ඉඳල ආපු කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කලත් ලැබෙන්නේ ආණ්ඩුවේ කෘතිම රේට් එක. ඒ කියන්නේ පවුමකට රුපියල් 275 ක් විතර.

ඊට වඩා හොඳ නැද්ද රුපියලට විවෘත මාකට් එකේ උච්ඡාවචනය වෙන්න දීල, එකෙන් රටට තවත් සංචාරකයින් ආකර්ෂණය කරගත්ත නම්?

සෝවියට් දේශයේ අද්දැකීම !

මට මතක වෙනවා අපි සෝවියට් දේශයේ හිටපු කාලේ බොරුවට රූබලය පාලනය කරපු හැටි

ඒ කාලේ මට මතක විදියට, ආණ්ඩුවේ රේට් එකේ විදියට ඩොලර් එකකට ලැබුනේ කොපෙක් 60ක් විතර. ඒ කියන්නේ රූබල් සත හැටක්.

හැබැයි රටේ කික්සිම තැනක ඒ ගානට ඩොලර් ගන්න තිබුනේ නෑ

මිනිස්සු හොර, රහසේ කාමර අස්සේ, අහුමුලුවල ඊට වඩා ගොඩක් වැඩි ගානකට ඩොලර් මාරු කළා.

අන්තිමට මොකද වුනේ?

ආර්ථිකය විතරක් නෙමෙයි මුළු සෝවියට් දේශයම කඩා වැටුනා.

ලංකාවත් මේ කරන ව්‍යාජ රඟපෑමෙන් අන්තිමට අන්තිමට අපිත් යමින් ඉන්නේ ඒ වගේ තැනකටද?

(සරෝජ් පතිරණ -Sandeshaya by Saroj යූටියුබ් චැනලයෙන්)

(leader)