දකුණු කොරියාවේ යලිත් කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

දකුණු කොරියාවේ යලිත් කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

දකුණු කොරියාවේ නැවත වරක් කොව්ඩ් ආසාදිතයින් ගණන ඉහළයාමක් පෙන්නුම් කරන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය කාල වකවානුව තුළ එරට කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් පාලනය වීමක් පෙන්නුම් කළත් පසුගිය සෙනසුරාදා දිනයේදී ආසාදිතයින් 143 දෙනෙකු හමුවී ඇති බව සඳහන්.

ඉන් ආසාදිතයින් 25 දෙනෙකු විදේශිකයින් වන අතර ඉතිරි 118 දෙනා දේශීයව සම්පේෂණය වූ ආසාදිතයින් වන බවයි කොරියාවේ රෝග නිවාරණ ඒජන්සිය වාර්තා කරන්නේ.

දකුණු කොරියාව තුළ වසංගතය ආරම්භවූ කාලසීමාවේ සිට මේ දක්වා හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 27,553ක් වන අතර සම්පූර්ණ සුවය ලැබූ පිරිස 25,029කි.

මියගිය ආසාදිතයින් ගණන 480කි.

ඔබත් කොරියාවේ සේවය කරන ලාංකිකයෙකු නම් ප්‍රවේශමෙන් සිටින්න.සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරන්න.

වැඩබිම