All Stories
කුවේටයේ සිටින ලාංකික ඔබට අතිශය වැදගත්වෙන කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් ෆේස් බුක් පිටුව විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
"ඔබ මෙරට සිට තම මව්බිම කරා යන අවස්ථාවේ ඔබගේ දූදරුවන් හා පවුලේ අය වෙනුවෙන් මෙරට සිට කාර්ගෝ මාර්ගයෙන් බඩුබාහිරාදිය ශ්‍රී ලංකාවට යවන බව අප ඔබ සියලුම දෙනා හොදින් දන්නා කරුණකි....නමුත් එම බඩු බාහිරාදිය ශ්‍රී ලංකාවේදී ඔබ අතට පත්වූ පසු ඔබ එය වීඩියෝ පටිගත කර අන්තර්ජාල හෝ වෙනත් පුද්ගලයන් හට යැවීමෙන් වලකින්න..මන්ද ඔබ කුවේට් ජාතිකයන් හට ලබාදෙන සහණාධාර බඩු බාහිරාදිය එහි තිබුනහොත් එය ශ්‍රී ලංකාවේ රජයට ගැටලුවක් නොවුනත් මෙරටින් එම බඩුබාහිරාදිය පිට කිරීම නීති විරෝධී ලෙස කුවේට් රජය විසින් සලකන නිසාවෙනි....එලෙස බඩු බාහිරාදිය මෙරටින් ටොන් ගනනින් පිටකල බොහෝ දෙනා කුවේට් රජය විසින් අත් අඩංගුවට ගෙන තිබේ එම නිසා අප රටේ කීර්ති නාමයට කැලලක් වන මෙවැනි ක්‍රියාකාරකම් වලින් මිදී සිටින ලෙස ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මතක් කර සිටින්නෙමු..."
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවා තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එමීරයේ ජාතික හදිසි අර්බූද හා ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සංචාරක තහනම ලබන 12 වනදා සිට බලපැවැත්වෙන බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වෛරස ව්‍යාප්තිය පැතිරයාම පාලනය කිරීමේ පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරවැසියන්, එකී රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත නිලධාරීන්, ව්‍යාපාරික ගුවන් ගුවන් ගමන්වල නිරත පිරිස් ඇතුළු සුවිශේෂි කණ්ඩායම් කිහිපයක් මෙම නව නීතියෙන් නිදහස් වූ නමුත් එලෙස නිදහස් කර ඇති අය දින 10 ක් නිරෝධායනය වියයුතු අතර ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බව සඳහන්.
එමෙන්ම රට තුළට ඇතුළු වී සිව් වන හෝ 8 වන දිනවලදී තවදුරටත් PCR පරීක්ෂණවලට ද භාජනය විය යුතු යි.