ඔබ රැකියා ස්ථානයේ ලිංගික හිංසනයන්ට ලක්වී ඇත්ද? ඔබට හිමි නීතිමය ප්‍රතිපාදන දැනගන්න

 ඔබ රැකියා ස්ථානයේ ලිංගික හිංසනයන්ට ලක්වී ඇත්ද? ඔබට හිමි නීතිමය ප්‍රතිපාදන දැනගන්න

01. ගැටළුව : සේවා ස්ථානය තුළ සිදුවිය හැකි ලිංගික හිංසනයන් මොනවාද?

පිළිතුර:

සේවා ස්ථානය තුළ ලිංගික හිංසනය ආකාර 02කින් සිදුවිය හැකිය. එනම්,

  • එක් දෙයක් ලබා ගැණීමට තව දෙයක් ලබා දීම (Something for something /This for that)
  • තමන්ට වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා ඇනීමට ලිංගික අනුග්‍රහය ලබා දීම

ලිංගික හිංසනය සිදුවිය හැකි ක්‍රියාකාරකම් විවිධ වේ. ඒවා නම්

  • 1) පුරුෂයන් විසින් කාන්තාවන් හිංසනයට ලක් කිරීම
  • 2) කාන්තාවන් විසින් පුරුෂයන් හිරිහැරයට ලක් කිරීම
  • 3) කාන්තාවන් විසින් කාන්තාවන් හිරිහැරයට ලක් කිරීම
  • 4) බලයලත් නිලධාරියෙකු විසින් තමා යටතේ සේවය කරන අයෙකු හිංසනයට ලක් කිරීම
  • 5) සම මට්ටමේ සිටින අය අතර සිදුවෙන හිංසනය

02.ගැටළුව: ලිංගික හිංසනය සිදුවන ආකාර මොනවාද?

පිළිතුර:

ලිංගික හිංසනය ආකාර දෙකකින් සිදුවිය හැකිය.ඒවා නම්,

  • 1) ශාරීරික
  • 2) වාචික

ශාරිරික හිංසනය

  • අනවශ්‍ය ලෙස ශරීරය ස්පර්ශය සිදු කිරීම
  • අනවශ්‍ය ලෙස ඉතා ලඟින් සිටගෙන සිටීම ස්පර්ෂ කිරීම,තට්ටු කිරීම,මිරිකීම,සෙලවීම හෝ කෙනිත්තීම
  • යමෙකු ලිංගේන්ද්‍රියන් අනිත් තැනැත්තාගේ ශරීරය මත ඇතිල්ලීම හෝ පිරිමැදීම
  • ලිංගික පහරදීම්

වාචික හිංසනය

  • ලිංගිකම අදහස් කෙලින්ම හෝ වක්‍රව ප්‍රකාශ කිරීම
  • කෙනෙකුගේ ලිංගික අනන්‍යතවය පිළිබඳ නිග්‍රහ කිරීම
  • පුද්ගලයෙකුගේ ශාරීරික පෙනුම,වයස,පුද්ගලික ජීවිතය,විවාහක,අවිවාහකභාවය,මව් පදවිය ලබා තිබීම හෝ මව් පදවිය ලබා නොතිබීම යන කරුණු පිළිබඳව විවිධ ප්‍රකාශ කිරීම

03. ගැටළුව : ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය පිළිබඳව පවතින නීතිමය ප්‍රතිපාද මොනවාද?

පිළිතුර:

  • 1) පිළිතුර : 1956 අංක 19 දරණ අල්ලස් පනත

අල්ලස් පනත ප්‍රකාරව රාජ්‍ය අංශයෙහි රාජ්‍ය සේවකයෙකු විසින් තම නිල රාජකාරි ඉටු කිරීමේදී  වෙනත් කිසියම් තැනැත්තෙකුගෙන් යම් රාජකාරියක් ඉටුකිරීම හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීම සඳහා හෝ එවැනි දෙයක් ඉක්මන් කිරීම, ප්‍රමාද කිරීම, බාධා කිරීම, වලක්වාලීම, ඒ සඳහා සහය ලබා දීම හෝ අනුග්‍රහය දැක්වීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් ලෙස කිසියම් තුටු පඩුරක් ඉල්ලා සිටීම හෝ භාර ගැනීම මගින් ලිංගික අල්ලස් ලබා ගැනිම වරදකි.

  • 2) 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සශෝධන) පණත

සේවා ස්ථානයක හෝ වෙනත් කිසියම් ස්ථානයක බලයලත් කිසියම් තැනැත්තෙකු විසින් ක්‍රියාවන් මගින් හෝ වචන මගින් සිදු කරන පිලිගැනීමක්, සිදු කරනු ලබන ලිංගිකමය ප්‍රවේශයක් මගින් ලිංගික හිංසනය යන වරද සංස්ථාපනය කරනු ලබයි.

තවද වචන හෝ ක්‍රියාවන් භාවිතා කිරීම මගින් පහර දීම හෝ සාපරාධී බලහත්කාරකම් පෑම තුලින් වෙනත් යම් තැනැත්තෙකුට ලිංගික අප්‍රසන්නතාවය හෝ හිරිහැර පමුණුවන ඕනෑම තැනැත්තෙකු ලිංගික හිංසනය යන වරද සිදු කරනු ලබයි.

04 ගැටළුව: ලිංගික හිංසනයට ගොඳුරු වූ අයෙකුට ශ්‍රී ලංකා නීතිය තුළ ලබාගතහැකි නීතිමය සහන කවරේද?

පිළිතුර:

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලිංගික හිංසනයට වරදකරුවෙකුට අවුරුදු 05ක කාලයක් දක්වා බරපතල වැඩ සහිතව සිර දඬුවමකින්, දඩයකින්, හා සිරදඬුවම යන දෙයාකාරයෙන්ම සහ වින්දිතයාට වන්දි මුදලක් ලබා දීමට අධිකරණයට නියම කල හැකිය.

අල්ලස් පනත ප්‍රකාරව රාජ්‍ය සේවකයෙකුට එරෙහිව වරදකරුවූ විට අවුරුදු 07 නොඉක්මවන කාලයක් දක්වා වූ සිර දඬුවමකින් සහ රුපියල් 5000 නොඉක්මවන දඩයකින් දඬුවම් කළ හැකිය.