එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් ගොදුරු වන අපරාධමය වැරදි සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන

එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් ගොදුරු වන අපරාධමය වැරදි සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන

අපරාධ නීතියේ දැක්වෙන සියලුම නීති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එකසේ බලපාන අතර කාන්තාවන් සුවිශේෂ කොට දක්වමින් පැනවූ නීති ගණනාවක් අප රටේ නීතියෙහි ඇතුළත් වේ.

ඒවා නම්,

  1. ගබ්සා කිරීම හා ගබ්සා කිරීම නිසා මරණයට පත්වීම
  2. හිරි ඔතප් බිඳීමේ අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම
  3. ලිංගික අතවර කිරීම
  4.  ස්ත්‍රී දූෂණය
  5.  ලිංගික අපයෝජනය
  6. ගෘහ ඒකකය තුළ සිදුවෙන සැහැසි ක්‍රියා

අපරාධ වශයෙන් සලකන ලිංගික වැරදිවලට භාජනය වූ අපරාධ වින්දිතයින්ගේ අනන්‍යතාවය හෙළිදරව් වන අයුරින් ඇයගේ නම හා වෙනත් කරුණු ප්‍රසිද්ධියට පත් කිරිම තහනම්ය.

තවද මෙහිදී 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය අනුව ස්ත්‍රී දූෂණ ,ලිංගික අපරාධ හා ළමා අපචාර සම්බන්ධව අපරාධ වින්දිතයාට වන්දි ගෙවීමට ප්‍රතිපාදන සලසා තිබීම මෙම සංශෝධනයේ සුවිශේෂීතාවයයි.

01.ගබ්සා කිරීම හා ගබ්සා කිරීම නිසා මරණයට පත්වීම

අපරාධ නීතියේ 303 සිට 305 දක්වා වගන්තිවලින්, ගැබ්ගත් ස්ත්‍රියක්, එම ස්ත්‍රියගේ ජීවිතය බේරා ගැනීමේ කාර්ය සඳහා සද්භාවයෙන් කරනු ලබන ගබ්සා නොවෙන ගබ්සා කිරීම අපරාධමය වරදක් වේ.

එවැනි ගබ්සා කිරීමක් ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව සිද්ධ කිරීම මෙන්ම ගබ්සාවෙන් එවැනි ස්ත්‍රියකගේ මරණය සිදුවන ක්‍රියාවක් කිරීම අවුරුදු 20ක සිරදඬුවමක් පැමිණිය හැකි අපරාධයකි.

 02.හිරිඔතප් බිඳිමේ අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව ස්ත්‍රියකගේ හිරි ඔතප් බිඳීමේ අදහසින් ඇගේ ශරීරයට අත තැබීම හෝ අතින් ඇල්ලීම පවා අපරාධමය වරදකි. එකී වරදට වරදකරු වූ තැනැත්තෙකුට වසර 05ක් දක්වා සිරඳඩුවමක්ද, දඩයක්ද,ඊට අමතරව වන්දි ප්‍රදානයක්ද සිදුකළ හැකිය.

03.ස්ත්‍රී දූෂණය

කාන්තාවකගේ කැමැත්ත නොමැතිව හෝ සිහිවිකල්ව සිටියදී, බියගන්න්වා හෝ වංචනික ලෙස කැමැත්ත ලබාගෙන ඇය සමඟ ලිංගික සංසර්ගයෙහි යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. කාන්තාව අවුරුදු 16ට අඩු තැනැත්තියක් නම් ඇගේ කැමැත්ත ඇතිව කරනු ලබන මෙබඳු ක්‍රියාද ස්ත්‍රී දූෂණ ලෙස සැලකේ.මෙම වරදට වරදකරු වූ තැනැත්තෙකුට අවුරුදු 20ට නොවැඩි බරපතළ සිරදඬුවමක්ද, දඩයකින් හා වන්දියක් ගෙවීමටද නියම කළ හැකිය.

04. ව්‍යභිචාරය

තම පවුලේ ඉතා සමීපතව නෑදෑයන් හෙවත් ලේ ඥාතීන් වැනි කාන්තාවන් හා ළමයින් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම ව්‍යභිචාරය ලෙස හඳුන්වයි. මෙම වරදට වරදකරුවන තැනැත්තෙකුට අවුරුදු 07කට නොඅඩු අවුරුදු 20කට නොවැඩි සිරදඬුවමක්,දඩයකට හා වන්දියක් ගෙවීමටද යටත් වේ.

05.ලිංගික අපයෝජනය

ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් කවර හෝ ලිංගික ක්‍රියාවක් සඳහා යොදවා ගැනීම,අශිෂ්ට ප්‍රදර්ශනයකට හෝ දර්ශනයකට සහභාගී කරවා ගැනීම බරපතළ අපරාධයක් වේ.

අපරාධ වින්දිතයා සහ අපරාධකරුවා අතර ඇති වෙනස කුමක්ද?

අපරාධ වින්දිතයා යනු අපරාධ නීතියේ යම් ක්‍රියාවකින් හෝ අතපසුවීමකින්,උල්ලංඝණය වීමකින් යමෙකුගේ කායික මානසික තුවාල වීම,චිත්ත පීඩාවන්,මූල්‍යමය පාඩු හෝ මූලික අයිතිවාසිකම් කඩවීම ඇතුළු පීඩාවන්ට පුද්ගලිකව හෝ සාමූහිකව ගොදුරු වූ පුද්ගලයින් ලෙස හැදින්විය හැකිය.මෙහිදී අපරාධයෙන් සෘජුවම පීඩාවූවන් පමණක් නොව ඔවුන්ගේ ආසන්නතම ඥාතීන්,ඔවුන්ගේ යැපෙන්නන් නඩු කටයුත්තට සහාය වීමට ඉදිරිපත්වෙන සාක්ෂි කරුවන් වැනි වක්‍රව පීඩාවට ලක්වූවන්ද අයත් වේ.

අපරාධ නීතියේ වැරදි සහ දඩුවම් ඇතුළත් දණ්ඩ නීති සග්‍රංහය යටතේ සදහන් වැරැද්දක් හෝ වැරදි කිහිපයක් සිදු කරන පුද්ගලයා අපරාධකරුවා ලෙස හඳුන්වයි. අපරාධකරුවාට  දඬුවම් ලබා දීමට පොලීසිය හා අධිකරණය ඇතුළු නීති ක්‍රමය මගින් කටයුතූ කළද අපරාධ නිසා අසරණ වූ අයට එනම් වින්දිතයාට පිළිසරණ නොලැබේ.

 අපරාධයට ගොදුරු වූ වින්දිතයින්ට පවතින නඩු විභාග ක්‍රම තුල මුහුණදීමට සිදුවන ගැටළු

01.නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරු චූදිතයා නිර්දෝෂී යන පූර්ව නිගමනය කරයි. මෙය චූදිතයාගේ වාසියට හේතුවෙන ක්‍රමයකි.

02.සාධාරණ සැකයක් මතුවුවහොත් එහි වාසිය චුදිතයාට හිමිවීම.

03.නිහඬව සිටීම චූදිතයාට ඇති අයිතිය වරදකරුවන් අප්‍රමාණ සංඛ්‍යාවක් නීතියේ හිඩැස් නිසා අපරාධමය වරදකට වරදකරුවන් නොවී නීතියේ රැහැනින් මිදී ගියද නිදොස් එක් අයෙකු වරදකරුවකු නොවිය යුතුයි යන මතය.

04.නීතියේ හා අධිකරණ ක්‍රියා පටිපාටියේ ඇති ප්‍රමාදයන් වින්දිතයාට විඳින්නට සිදුවෙන පීඩාවන් හා අපහාස අප්‍රමාණය.

අපරාධ වින්දිතයාට හිමිවිය යුතු අයිතිවාසිකම්

01. අධිකරණය පොලීසිය වැනි යුක්තිය පසිඳලීමේ ආයතන තුළ අපරාධ වින්දිතයන්ට ආචාරශිලීව, ගෞරවාන්විතව හා සාධාරණ ලෙස සලකනු ලැබීමේ අයිතිය.

02.නඩු දිනය, නඩු පටිපාටිය තුළ සිදුව දේවල් යනාදී නඩු කටයුත්තට අදාළ තොරතුරු ලබා ගැනීමේ අයිතිය.

03. නඩුව විභාග කිරීමට පෙර විභාග කරන කාලය තුළ හා නඩුව විභාග කිරීමෙන් පසු අපරාධ වින්දිතයාට ආරක්ෂාවට ඇති අයිතිය.

04. නීතිඥ උපදෙස් ලබා ගැනීමට හා අධිකරණය, පොලීසිය වැනි යුක්තිය පසිඳලීමේ ආයතන ඉදිරියේ නීතිඥයෙකු මගින් නියෝජනය වීමේ අයිතිය.

05.තම පැමිණිල්ල හා නඩු කටයුත්ත නිසි පරිදි විභාග කරවා ගනු ලැබීමේ අයිතිය.

06. වන්දි ලබා ගැනීමේ අයිතිය.

07.ඇප ඉල්ලීම්වලදී තම ආරක්ෂාවට ඇති තර්ජන වැනි කරුණු සැලකිල්ලට ගෙන අපරාධ වින්දිතයාගේ ආරක්ෂාව තහවුරු කිරීම.

08.චූදිත වරදකරු කරනු ලැබීම,සිර දඬුවම් පැමිණුවීම,සහ නිදහස් වීම යනාදී කරුණු පිළිබඳව දන ගැනීමට ඇති අයිතිය.

09.උපදේශණය සඳහා ඇති අයිතිය.