වර්තමානයේ බොහෝ සේවක සේවිකාවන් වෘත්තීය සමිතියකට සවිධානගතවීම සහ ඉන් ලැබෙන සේවක වරප්‍රසාද ගැන අනවබෝධයෙන් සිටින අතර එයට ප්‍රධානතම හේතුව වන්නේ වෘත්තීය සමිති නිරතුරුවම පිකටින්,උද්ඝෝෂණ වැනි ක්‍රියාවන් සිදුකරන්නාවූ සංවිධානයන් ලෙස දැකීමයි.
නමුත් සංවිධානගත වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පිළිගත් නීත්‍යානුකූල මූලික අයිතියක් බව සේවකයින් දැනගත යුතු අතර එබැවින් කිසිඳු සේවායෝජකයෙකුට සංවිධානගතවීමේ අයිතිය කිසිඳු විටක කප්පාදුකළ නොහැකි බවත් සිහියේ තබා ගන්න.
01.ප්‍රශ්නය
වෘත්තීය සමිතියක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
පිළිතුර
වෘත්තිය සමිතියක් යනු සේවකයින් අතර හෝ සේවායෝජකයින් අතර තාවකාලික වශයෙන් හෝ ස්ථීර වශයෙන් පහත අරමුණු එකක් හෝ කිහිපයක් සපුරා ගැනීම සඳහා ඇතිකර ගන්නා ලද එකමුතුවක් හෝ සංගමයකි.
වෘත්තිය සමිතියක් පිහිටුවා ගැනීමේ අරමුණු වන්නේ:
02. ප්‍රශ්නය
වෘත්තිය සමිති මඟින් සේවකයන් වෙනුවෙන් ඇතිකරගන්නා ලද සුවිශේෂී ලිඛිත ගිවිසුම කුමක්ද?
පිළිතුර
නීත්‍යානුකූලව ලියාපදිංචි කරන ලද හා පිළිගත් වෘත්තීය සමිතියක් හැමවිටම නෛතික පුද්ගලයකු වන්නේ ය. එවැනි වෘත්තීය සමිතියකට නිරතුරුවම සේවායෝජකයකු සමග සේවකයාගේ යහපත වෙනුවෙන් යම් එකඟතාවයක් ඇතිකර ගත හැකිය. එය සාමූහික ගිවිසුම ලෙස හඳුන්වයි.
ඒ අනුව සාමූහික ගිවිසුමක් (collective agreement) යනු සේවායෝජකයකු හෝ සේවායෝජකයන් අතර සේවකයෙකු හෝ වෘත්තිය සමිතියක් හෝ සේවකයින් නියෝජනය කරන වෘත්තිය සමිතියක් අතර ඇති කර ගන්නා ලද එකඟතාවයකි.
සාමූහික ගිවිසුමක් ඇතිකර ගනු ලැබීමේ වාසි :
මෙලෙස පාර්ශවයන් අතර ඇති කර ගන්නා ලද එසේම පාර්ශ්වයන් අත්සන් තබන ලද සාමූහික ගිවිසුමක පිටපතක් කම්කරු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය.
එලෙස කම්කරු කොමසාරිස්වරයා එකී ගිවිසුම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන විටදී රජයේ ගැසට් පත්‍රය ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා කටයුතු කරයි. එකී ගිවිසුම ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධියට පත්වන තුරු ගිවිසුමේ ඇතුලත් කොන්දේසි කිසිදු සේවකයකුට අදාළ නොවේ. ගිවිසුම බලාත්මක වන්නේ ගිවිසුමේ සඳහන් පරිදිය. එසේ නොවන්නේ නම් ප්‍රසිද්ධියට පත් වූ දිනය සලකා බලයි. එසේම මෙම ගිවිසුම කෙතරම් කාලයක් බලාත්මක වන්නේ ද යන්න ගිවිසුමේ සඳහන් විය යුතුය.
තවද මෙම ගිවිසුම බලාත්මකව පවත්නාවූ කාලය ඇතුළතදී මෙහි පාර්ශවයන් එහි සඳහන් කොන්දේසි හා නියමයන් අනුව කටයුතු කිරීමට බැඳී සිටී.
මෙම සාමූහික ගිවිසුම හරියාකාරයෙන් පාර්ශ්වයන් අතර ක්‍රියාත්මක වන්නේ නම් කාර්මික ආරවුල් බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිය. එමඟින් සාමූහික කේවල් කිරීමේ අයිතියක් පාර්ශවයන්ට හිමිවේ.
03.ප්‍රශ්නය
වෘත්තීය සමිති කේවල් කිරිම යනු කුමක්ද?
සේවක අයිතීන් මෙන්ම සියලුම කම්කරු ක්‍රියාදාමයන් සාර්ථක වීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම අංශය වන්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයයි. ආයෝජකයන් සමඟ ඇතිකර ගන්නා ලද සාමූහික ගිවිසුම් තුළින් සේවකයන්ගේ සාමූහික කේවල් කිරීමේ බලය ශක්තිය වැඩි වේ. එනම් වෘත්තිය සමිති දේශපාලන අවශ්‍යතාවයන්ට වඩා සේවකයන්ගේ ප්‍රශ්න විසඳාගැනීම සඳහා සංවිධානය වන්නේ නම් මෙම සාමූහික කේවල් කිරීම තුළින් සේවක අයිතීන් වරප්‍රසාද දිනාගැනීමට එතරම් අපහසු නොවේ.
ලෝක කම්කරු සංවිධානය(ILO) මගින් ඇති කරගන්නා ලද සම්මුති 87 ලංකාවේ සම්මත කිරීම මගින් එය මනාව පැහැදිලි වේ.
මෙම සාමූහික කේවල් කිරීම මගින් කාර්මික ගැටලු විසඳාගැනීමට පහසුවේ. ඒවා නම්;
මෙම සාමූහික කේවල් කිරීම ජාතික මට්ටමින්, කර්මාන්ත මට්ටමින්, ආයතන මට්ටමින් සිදුකළ හැකිය.
04. ප්‍රශ්නය
අසාධාරණ කම්කරු භාවිතයන් (Unfair labor practices) යනු මොනවද?
පිළිතුර:
1999 අංක 56 දරන කාර්මික ආරවුල් සංශෝධන පනතේ අසාධාරණ කම්කරු භාවිතයන් ගැන දක්වා ඇත. ඒවා නම් මෙසේය:
