සෞඛ්‍ය වෘත්තිකයෝ හෙට (03) වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිකයෝ හෙට (03) වැඩ වර්ජනයක

රජයේ රෝහල්වල ඖෂධ හිගය,බාල ඖෂධ රෝගීන්ට නිර්දේශ කිරීමට සිදුවී තිබීම ඇතුළු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සමස්ත කඩා වැටීමට එරෙහිව බදාදා (03 වැනිදා ) සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා “වැඩබිම“ කළ විමසීමකදී ප්‍රකාශ කරන ලද.

රෝහල්වල සැබෑ තත්ත්වය හා හදිසි මිලදීගැනීම් යටතේ ඖෂධ ජාවාරමට එරෙහිව වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේකය අවලංගු නොකරන්නේ නම් වෘත්තීය අරගලය දැඩි කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීන්දු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් පවසා සිටී.

කෙසේ වෙතත් අද (02) දින සෞඛ්‍ය ලේකම්වරයා හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවත්, එහිදි ගනු ලබන තීරණ අනුව වැඩ වර්ජනය කරනවාද නැද්ද යන්න තීන්දු කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා