සතියකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන බවට අනාවරණයක්

සතියකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන බවට අනාවරණයක්

ලෝකයේ පුද්ගලයකු මේ වන විට  සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්,  එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන කරන බව ගෝලීය දත්ත අනුව හෙලිවෙයි. මේ නිසා ශ්‍රී ලංකාවත් දැඩි විමසිල්ලෙන් සිටිමින් අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ. ප්ලාස්ටික් ආශ්‍රිතව ඇතිවී තිබෙන ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර මහතා මෙම අදහස් පල කලේය.

ප්ලාස්ටික් යනු  අපගේ නූතන ආහාර සංස්කෘතිය සමග බද්ධ වී පවතින්නකි.නමුත් මෙහි ඇති භයානක කම වන්නේ, ප්ලාස්ටික් නිසා අතිවන ක්ෂුද්‍ර  ප්ලාස්ටික්  අපගේ  ශරීර ගතවීම  බවද රොෂාන් මහතා පෙන්වා දෙයි.

මෑතකදි කරනලද  පරියේශණ වලට අනුව ඇස්තමේන්තු කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්,  එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් අනුභව කරන බවයි" (https://lnkd.in/guJ7vR3g)තවත් අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ විවිධ ආහාර ප්‍රභවයන්ගෙන් වාර්ෂිකව ප්ලාස්ටික් අංශු 52,000ක් දක්වා ප්‍රමාණයක් ආහාර ඔස්සේ මනුෂ්‍ය  ශරීරයට අතුල් වෙන බවයි. (https://lnkd.in/gCymJvYa)

ගෝලීය වශයෙන් මෙම දත්ත පෙන්නුම් කරන අතරතුර රටක් වශයෙන් මෙම අනතුර සම්බන්ධව විශේෂ අවධානයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර මහතා අවධාරණය කලේය .