1000 ඉල්ලා වතු කම්කරුවන් මහපාරේ

1000 ඉල්ලා වතු කම්කරුවන් මහපාරේ

රජය  වතු  කම්කරුවන්ට දිනකට ලබාදෙන බවට පොරොන්දු වු රුපියල් 1000  ක වැටුප මුලික වැටුපක් වශයෙන් 2021 ජනවාරි මස සිට ගෙවිමට කටයුතු කරන ලෙස බල කරමින් වතු කම්කරු වැටුප් අයිතිවාසිකම් සුරැකිමේ ව්‍යාපාරය ඇතුළු කඳුරට සිවිල් සංවිධාන රැසක් එක්ව හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.

වතු කම්කරුවන්ට රුපියල් 1000 වැටුපක් ලබාදෙන ලෙසට අයවැය මගින්ද යෝජනා වු නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජය , වතු සමාගම් සහ වතු වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡා වට කිහිපයක් අසාර්ථක වි ඇති බව ඔවුහු කියති.

මේ සම්බන්ධයෙන් රජය අදාල පාර්ශවයන් සමග තවදුරටත් සාකච්ඡා කර වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක මුලික වැටුපක් ඇතුළු සෙසු දිමනා ලැබිය යුතු බවත් , වතු කම්කරුවෙකුට මසකට දින 25 ක් වැඩ ලබා දිය යුතු බව කදුරට සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති එස්.පි.ටි.ගනේෂලිංගම් මහතා කියා  සිටියේය.

වතු කම්කරුවන්ට රු පියල් දහසක මුලික වැටුපක් සහ මසකට දින 25 ක වැඩ දින ගණනක් ලබාදෙන තෙක් වතුකරය පුරා සහ දිවයින පුරා මෙවැනි උද්ඝෝෂණය  සිදු කරන බව ගනේෂලිංගම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.