‘පිරිසිදු දේශපාලනයක් සඳහා එක් වෙමු’ - මාර්තු 12 ව්‍යාපාරය

‘පිරිසිදු දේශපාලනයක් සඳහා එක් වෙමු’ - මාර්තු 12 ව්‍යාපාරය

මාර්තු 12 ව්‍යාපාරය විසින් " පිරිසිදු දේශපාලනයක් සඳහා එක්වමු" තේමාව යටතේ 2024 මාර්තු 28 දින දවස පුරා විහාරමහාදේවී උද්‍යානයේදී පැවැ.්වීමට කටයුතු යොදා ඇත.  

මෙම වැඩසටහන පිළිබඳව "මාර්තු 12 ව්‍යාපාරය" පවසන්නේ, සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුද සහිත අභියෝගාත්මක සහ තීරණාත්මක කාල වකවානුවකයි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අවැසි මූලධර්ම තහවුරු කිරීම ජාතික මැතිවරණයන් අභිමුව ඇති මේ මොහොතේ අන් කවරදාටත් වඩා අවශ්‍යව ඇත.

මෙම පසුබිම සැළකිල්ලට ගනිමින්, පිරිසිදු රාජ්‍ය පාලනයක් මෙන්ම නීතියේ ආධිපත්‍යය ඇති කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් පවතින දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය  “පිරිසිදු දේශපාලනයක් උදෙසා එක්වෙමු” යන තේමාව යටතේ විසල් ජන ඒකරාශිත්වයකින් යුත් වැඩසටහනක් සංවිධානය කරනු ලබයි. සෑම තරාතිරමකම පුරවැසියන්, දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව මෙයට සහභාගි කරවා ගැනීම අපගේ බලාපොරොත්තුව බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය පුනර්ජීවනයක් සඳහා මූලික වන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ පිරිසිදු පාලනයක් ඇති කිරීමට අපගේ සාමූහික කැපවීම පෙන්නුම් කිරීම සඳහා මෙම වැඩසටහනට සහභාගී වන ලෙසට ආරාධනා කරන බවයි.