2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලීමක්

2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලීමක්

2019 අගොස්තු මස සහ සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වනවිට සිය පුහුණු කාලය වන වසර සම්පූර්ණ කර මාස 4ක් ගතව ඇත්ත ස්ථිර නොකිරීම සම්බන්ධව අද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් විරෝධතා දිනයන් නම් කර දිස්ති‍්‍රක් 19ක විරෝධතා ක‍්‍රියාමාර්ග ගන්නා ලදී.

මෙම උපාධිධාරීන් රුපියල් 20000ක සොච්චම් දීමනාවකට දැනටමත් රාජකාරී කටයුතු කරන අතර හිමි ප‍්‍රසූත නිවාඩු ඇතුලූ අයිතීන් පවා කප්පාදු කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට කොළඹ දිස්ති‍්‍රක් විරෝධතාව පවත්වන ලද අතර අනෙක් දිස්ති‍්‍රක්වල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා පවත්වන ලදී. විරෝධතා අවසානයේ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත සංදේශයක්ද බාරදෙන ලදී.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ ‘‘ආණ්ඩුව සංදර්ශන පවත්වමින් සිටිනවා විනා 2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කරන දිනයක් හෝ ප‍්‍රකාශ කරල නෑ. රාජ්‍ය සේවා ඇමති, ලේකම් මාධ්‍යවලට ඇවිත් විවිධ කතාන්දර කියනවා. නමුත් ප‍්‍රශ්නය එක තැන. අපි කියන්නේ පත්වීම් ලබා වසරක් ගතවන දිනට පසුදාතම කර ස්ථිර කරන ලෙසයි’’ 

 IMG 20201221 WA0321

IMG 20201221 WA0139

IMG 20201221 WA0140

IMG 20201221 WA0173