කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ “අදානි” ට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ “අදානි” ට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ “අදානි” සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ “අදානි” සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ. “ද සන්ඩේ ටයිම්ස්” පුවත් පත මේ බව වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ, නැගෙනහිර පර්යන්තයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතියක් ඇති “අදානි” සමූහයට භාරදීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සිදුවිය යුතු බවට වෘත්තීය සමිති දැවැන්ත හඩක් නගද්දී, පර්යන්තයෙහි සම්පූර්ණ කළමනාකරණය ඉන්දියානු හවුල්කාරීත්වයක් යටතට පත්වන බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ. චීන හවුල්කාරීත්වයෙන් මෙහෙයවනු ලබන කොළඹ වරායේ CICT හෙවත් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට මෙමගින්, වඩා තරඟකාරී වාසියක් ලබා දීමට අපහසු බව ද වාර්තාවේ සඳහන්ව තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සදහන් කරන්නේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රජය රටට පැවසුවේ ශ්‍රී ලංකා වාරාය අධිකාරිය සතු මේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම ක්‍රියාත්මක කරන බවත්, තමා තමා තවදුරටත් එය විශ්වාස කරන බව කියා සිටී. එසේ මේ පර්යන්තය අදානි හෝ වෙනයම් පාර්ශවයකට පැවරුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව කියා පවසයි.”

මූලාශ්‍රය – ශ්‍රී ලංකා මිරර්

වැඩබිම