වරාය නැගෙනහිර පර්යන්තයර රැකගන්න වෘත්තීය සමිති එක්වෙයි

වරාය නැගෙනහිර පර්යන්තයර රැකගන්න වෘත්තීය සමිති එක්වෙයි
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය ආණ්ඩුව සේම වත්මන් ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග පරාජය කිරීමට කටයුතු කරන බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව  විසින් ප්‍රකාශ කර තිබේ.
 
ඊයේ (02) කොළැඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම නිවේදනය නිකුත්කර තිබේ.
 
මාධ්‍ය හමුවේදී අදහස් පලකරමින් ජී. නිරෝෂන් මහතා පැවසූයේ පසුගිය කාලේ ජාතික සම්පත් සුරකින බවට වත්මන් ජනාධිපතිවරයා ඇතුලූ ආණ්ඩුව දුන් පොරොන්දුව ජනතාව විශ්වාස කරමින් ඔවුන් බලයට පත්කර ඇති බවත් එම පොරොන්දු අමු අමුවේ කඩකරමින් සිටින බවත් එම ක‍්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා සියලූ වෘත්තීය සමිති ඒකාබද්ධවී කටයුතු කරන බවයි.
 
මෙම මාධ්‍ය හමුව සඳහා වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලී සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමන් සුමනරත්න, වරාය ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කලූතරගේ, ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බත්ගමුවගේ, වරාය ඉංජිනේරු සංගමයේ සභාපති, වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලී සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම යන අය එක්ව සිටියහ.
 

වැඩබිම