2020 අභ්‍යාසලාභීන්ට හිමි ප්‍රසූත නිවාඩුව දින 84ක් කරන ලෙසට ජනපතිගේ අවදානයට

2020 අභ්‍යාසලාභීන්ට හිමි ප්‍රසූත නිවාඩුව දින 84ක් කරන ලෙසට ජනපතිගේ අවදානයට

රාජ්‍ය සේවයට 2020 සැප්තැම්බර් මාසයේ බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට මෙතෙක් කල් රාජ්‍ය සේවයේ කාන්තාවන්ට ලබා දුන් දින 84ක ප්‍රසූත නිවාඩුව, සති හය දක්වා අඩු කර ඇති බවත් ආයතන සංග්‍රහයේ සඳහන් අයුරින් දින 84ක ප්‍රසූත නිවාඩුව ලබා දෙන ලෙසත්, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන් 2018 සහ 2019 යන වසරවල බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ටද වැඩ කරන දින 84ක කාලයක් ප්‍රසූත නිවාඩු හිමිකම් ලැබුණු බවත් එම අවස්ථාව 2020 බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ටද ලබා දෙන ලෙසත් එමඟින් ඉල්ලීමක් කර තිබේ.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිකුත්කළ ලිපියට මෙතනින් පිවිසෙන්න...