අභ්‍යාසලාභී උපාධිධාරින්ගේ දීමනාව වැඩිවීම ගැන සඳහනක්

අභ්‍යාසලාභී උපාධිධාරින්ගේ දීමනාව වැඩිවීම ගැන සඳහනක්

රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවා සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගනු ලබන උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණු කාලසීමාව තුළ මසක් සඳහා ගෙවනු ලබන රු. 20 000/- දීමනාව ඉහළ දැමීම සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සංවර්ධන නිලධාරී අභ්‍යාසලාභී පුහුණු කාලය මාස 12 කි. දැනට එක් මසක් සඳහා එක් අභ්‍යාසලාභී උපාධිධාරියෙක් සඳහා ගෙවනු ලබන්නේ රු. 20 000/- ක මුදලක් පමණි.

එම මුදල රට තුළ පවතින බඩුමිල ඉහළයෑම, සේවාවන් සඳහා වන වියදම් ඉහළ යෑම, Covid- 19 වැනි වසංගත තත්වයන් නිසා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීම ඇතුළු සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් උක්ත සඳහන් දීමනාව ඉහළ දැමිය යුතු බව අප සංගමය යෝජනා කරමු.

ලාංකීය අධ්‍යාපන ධූරාවලිය තුළ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්නා උපාධිධාරීන් අද රාජ්‍ය සේවය තුළ නිසි වටිනාකමින් යුත් වෘත්තීය මට්මටක් නිර්මාණය කර නොදීම නිසා දැඩි වෘත්තීය අපහසුතාවකට ලක්ව ඇති තත්වයක නිසි වටිනාකමකින් යුත් දීමනාවක් ලබා නොදීමෙන් එම තත්වය තවත් උග්‍ර වී ඇත.

2. වත්මන් රජය බහුකාර්ය සංවර්ධන කාර්යයන් වෙනුවෙන් නියමිත අධ්‍යාපන සුදුසුකම් රහිත අපේ රටේ පිරිසකට රැකියා අවස්ථා ලබා දීමට පියවර ගෙන ඇත. එම කාර්ය අගය කළ යුතුය.

3. වාර්තා වන අන්දමට අධ්‍යාපන සුදුසුකම් රහිත පිරිසට අදාළ පුහුණු කාලය මාස 06 කි. මසක් සඳහා ගෙවන මුදල රු. 22 500/- වන අතර මාස 06 ක් ගිය පසු තනතුර ස්ථීර කිරීම.

4. බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා තිබීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඩිප්ලෝමාවක් සහිත සංවර්ධන නිලධාරී ලෙස බඳවාගන්නා උපාධිධාරීන්ගේ පුහුණු කාලය මාස 12 කි. එක් මසක් සඳහා දැනට ගෙවන මුදල රු. 20 000/- වන අතර තනතුරු ස්ථීර කිරීම සිදුවන්නේ මාස 12 කි. එක් මසක් සඳහා දැනට ගෙවන මුදල රු. 20000/- වන අතර තනතුරු ස්ථීර කිරීම සිදුවන්නේ මාස 12 කින් පසු අමාත්‍යමණ්ඩල විසින් තීරණය කරනු ලබන දිනකටය.

5. උගතුන්ගෙන් වියතුන්ගෙන් සමන්විත සාතිශය බහුතරකියන් රට පාලනය කරන මොහොතක අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා අඩුකොට සැලකීම අධ්‍යාපනයට සිදු කරන බලවත් අපහාසයකි.

ඉහත සඳහන් කරුණු කෙරෙහි ගරු ඔබතුමාගේ අවධානය කඩිනමින් යොමුකර 2020 වර්ෂයේ සැප්තැම්බර් 02 සිට අභ්‍යාසලාභී පුහුණුවට එක්ව ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ද 2021.02.01 දින සිට අභ්‍යාසලාභී පුහුණුවට එක්වීමට නියම්ත අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ද අදාළ වන පරිදි රු. 20000/- දීමනාව අවම වශයෙන් රු. 25 000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.