අභ්‍යසලාභී උපාධිධාරීන්ගේ රැකියා අහිමි කිරීමේ උත්සහයක්?

අභ්‍යසලාභී උපාධිධාරීන්ගේ රැකියා අහිමි කිරීමේ උත්සහයක්?

අභ්‍යාසලාභී පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ උපාධිධාරීන් 2021.02.01 දිනට යලි කප්පාදු වීමේ අවධානම වළක්වන මෙන් ඉල්ලා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

2020.11.23, 2020.12.11 සහ 2021.01.05 දිනයන්හි රාජ්‍ය සේවා අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නාම ලේඛනවල සිටින උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුවට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2021.02.01 දින ආරම්භ වීමට නියමිතව ඇත.

2021.01.21 දිනැති ඔබගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ සඳහන් ආදර්ශ දිවුරුම් ප්‍රකාශයේ වගන්ති හා vii ආකෘතියේ 4 හි රැකියාවිරහිත භාවයන් පිළිබඳ තත්වයට අදාළ ඉල්ලා ඇති කරුණු දැඩි ව්‍යාකූලත්වයක් පවතින අතර උපාධියට සාධාරණ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින උපාධිධාරීන් දහස් ගණනක් දැඩි පීඩනයකට ලක්කර ඇත.

2. රැකියාවක් සඳහා අයදුම්පත් යොමු කිරීමේ දී ඒ මොහොතේ නිරතවන රැකියාවෙන් ඉවත් වී අයදුම්පත් යොමු කිරීම සාමාන්‍යයෙන් සිදුවන කටයුත්තක් නොවන බව රජයේ වගකිවයුතු බලධාරීන් පිළිගත යුතුව ඇත.

3. අයදුම්පතක් හෝ අභියාචනාවක් යොමුකළ පමණින් රැකියාවක් ලැබෙන බවට රජය මගින් මූලික අයිතීන් යටතේ හෝ වෙනත් විධි විධානයක් මගින් සහතික කර නැත.

4. 2020.11.23, 2020.12.11 හා 2021.01.01 යන දිනයන් හි සුදුසුකම් ලැබූ නාම ලේඛනවල නම් සඳහන් සියලූ දෙනා රාජ්‍ය සේවා අමාත්‍යාංශය 2020.08.16 දින තේරීමට අනුව EPF/JOB, JOB, NO DOCUMENTS, NO DS, Pending, Applied in 2 district ආදී හේතු මත ප්‍රතික්‍ෂේප කර සිටි අයවලූන් බව පෙන්වා දෙන්නෙමු.

5. ඉහත අංක 04 හි සඳහන් කාණ්ඩවලට අයත් 2020.09.09 සිට 2020.12.31 දක්වාත්, තවදුරටත් සුදුසුකම් නොලැබූ පිරිස් 2021.01.17 දක්වාත් අභියාචනා යොමුකර ඇත.

6. අංක 04 හි සඳහන් කාණ්ඩ වලට අයත් උපාධිධාරීන්ගේ ඉල්ලීම් හා අභියාචනා සලකා බලා තෝරාගැනීම සම්බන්ධයෙන් අප ගරු අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන්ට ස්තූතිවන්ත වන අතර 2021.02.01 දින ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදිය යුතු දිවුරුම් ප්‍රකාශයට අනුව 2020.09.15 දිනට රැකියාවක නිරත නොවූ උපාධිධාරියෙකු ලෙස දිවුරුමක්/ ප්‍රතිඥාවක් ලබාදෙන්නේ කෙසේ ද යන්න ගැටළුවක් වන අතර එය සිදු කළ නොහැකි දෙයකි.

මෙම කරුණු අනුව උපාධියට සුදුසු නොවන කුමන හෝ රැකියාවක නිරතවන උපාධිධාරියෙකුට තමන් ජීවත් වීම සඳහා නිරතවෙන කුමන හෝ රැකියාවකින් ඉවත් වීම පිළිබඳව තීරණයක් ගත හැකි වනුයේ 2020.11.23, 2020.12.11 හා 2021.01.05 දින වලින් පසුව වන අතර එම තත්වය ප්‍රායෝගිකව තේරුම්ගෙන දිවුරුම් ප්‍රකාශයෙන් ඉල්ලා සිටින එහි සඳහන් 2020.09.15 දිනැති ප‍්‍රකාශය ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු.

ආණ්ඩුව එක් පසකින් උපාධිධාරීන්ට රැකියා දෙන බවට ලේඛන ප්‍රසිද්ධ කර අනෙක් පසින් එම පිරිස් කප්පාදුවට සැරසෙන්නේ නම් ඊට එරෙහිව මේ රටේ උපාධියක් සහිත රැකියාවක් ලැබීමේ වයස් සීමාවේ පසුවන සෑම උපාධිධාරියෙකුටම තම අධ්‍යාපන සුදුසුකමට සරිලන රැකියාවක නිරතවීමේ මානව අයිතිය වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද වැඩිදුරටත් දන්වා සිටිමු.