අභ්‍යාසලාභී පුහුණුවට බඳවා ගත් උපාධිධාරීන්ට මේ ආරංචිය නම් සුබයි

අභ්‍යාසලාභී පුහුණුවට බඳවා ගත් උපාධිධාරීන්ට මේ ආරංචිය නම් සුබයි
පසුගිය ආණ්ඩුව සමයේ රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් මේ මාසය ඇතුළත ස්ථීරකොට සේවයට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ංයාශය ප්‍රකාශ කර තිබේ.
 
අදාළ පිරිස් මේ මාසය අවසන් වීමට පෙර ස්ථීර සේවයට ඇතුළත් කරන ලෙස විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් සඳහන්.
 
ඒ අනුව ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන ලෙස මෙම පිරිස් ස්ථීර කිරීමට තීරණය කර තිබෙන අතර අදාල කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට සැලසුම්කර ඇත.
 
මෙම පිරිස ජනවාරි මාසය තුළදීම ස්ථීර සේවයට ඇතුළත්කර ගැනීමට සැලසුම්කළත් අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවකට කොවිඩ් 19 ආසාදනය වීම නිසා එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
 
මේ මස 08 වෙනිදා සිට අදාළ අංශ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සමඟම උපාධිධාරී පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුත් සැලසුම් කර තිබේ.
 
තවද, 2019 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී රැකියා පුහුණුව සඳහා උපාධිධාරීන් දාහතර දහස් දෙසිය අසූතුනක් රැකියා පුහුණුවට බඳවාගත් අතර එම පිරිස වසරක පුහුණු කාලයක් සඳහා බඳවා ගන්නා ලදී.
 
ඒ අනුව මෙම පිරිස් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හා සැප්තැම්බර් මාසයේදී ස්ථීර සේවයට ඇතුළත්කර ගැනීමට නියමිතව තිබුණි.